Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බැසිල් සහ ගෝඨා අතර තමන් ද සිටින බව චමල් කියයි.

Rajapaksha_Family

ජනතාව පවසන්නේ මහින්ද රාජපක්ෂටම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස බවත් එසේ නොමැති නම් මහින්ද රාජපක්ෂ කැමති සහෝදරයකු ඉදිරිපත් කරන ලෙස බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම සහෝදරයකු ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා වනු ඇති බවට ඉන්දියාවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

සහෝදරයින් ගොඩක් සිටින බව පැවසූ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, බැසිල් රාජපක්ෂ  සහ ගෝඨාභය රාජපක්ෂ  අතර තමන් ද  කොනක සිටින බවත් ප්‍රකාශ කර සිටී.

තව තවත් ගැටලු ද ඇති නිසා ඒ සියල්ල සලකා බලා ඒ මොහොතට ගැලපෙන අපේක්ෂකයකු මහින්ද රාජපක්ෂ  විසින් ඉදිරිපත් කරනු ඇති බව චමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී (13) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ තරගය සඳහා තමන් ද ඔට්ටු බවයි.

2020 ජනාධිපතිවරණය සඳහා චමල් රාජපක්ෂව ඉදිරිපත් කිරීම තමන්ගේ ද පැතුම බව මීටපෙර වාසුදේව නානායක්කාර සහ ඩිලාන් පෙරේරා යන මන්ත්‍රිවරුන් විසින් ද ප්‍රකාශ කර තිබිණි.

The post බැසිල් සහ ගෝඨා අතර තමන් ද සිටින බව චමල් කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();