Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණයක්.

rajitha 3
ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරිමට තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.
ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව සඳහන් වේ. සෞඛ්‍ය පර්යේෂණ, නියාමනය, සම්බන්ධීකරණය, අධීක්ෂණය, සංවර්ධනය සහ කළමණාකරණය කිරිම සදහා ජාතික මට්ටමේ සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වන බවත් පැවසේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පර්යේෂණ සංස්කෘතිය වැඩිදියුණු කළ යුතු අතර මේ සම්බන්ධයෙන් 2003 වසරේ දී ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතත් එය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව සඳහන් වේ.
නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ උපදෙස් මත සකස් කරන වත්මන් කෙටුම්පතට අනුව මෙම සභාව සදහා පත් කරනු ලබන සාමාජිකයින්ගේ සංඛ්‍යාව 05 ක් බවත් ඉදිරියේ දී පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් පැවසේ.
 
 

The post ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();