මෙතෙක් අනුගමනය කරන ලද ආර්ථික ප‍්‍රතිපත්තියේ අසාර්ථකභාවය දැන් පවතින ආර්ථික අර්බුදය හේතුවී තිබෙන බවත් පවතින පාලනය වගේම පැවති පාලනයන් සෘජුවම මෙම අර්බුදයට වගකිව යුතුව තිබෙන බවත් අද මුළුමහත් ජනතාවට වන්දි ගෙවීමට සිදුවී තිබෙන්නේ එම වැරදි ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායක අනුර දිසානායක,
අද ලංකාවේ රුපියල වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. අද එය රුපියල් 170 ඉක්මවමින් තිබෙනවා. ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවන්නේ, මේ වසර අවසන් වනවිට එය ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු මුදල රු. 200ක අගයක් විය හැකි බවයි. ආණ්ඩුවට මෙම අර්බුදය විසඳීම සඳහා කිසිදු දැක්මක් නැහැ. පසුගියදා මුදල් ඇමතිවරයා ප‍්‍රකාශ කර තිබුණා, රුපියල කඩා වැටුණට ආර්ථික අර්බුදයක් නැහැ කියලා. එය අර්බුදයක් නොවන්නේ කෙසේද කියලා මුදල් ඇමතිවරයා රටට කිව යුතුව තිබුණා. ආර්ථිකයේ එක් ක්‍ෂේත‍්‍රයක ඇතිවී තිබෙන අර්බුදය තමයි රුපියල කඩා වැටීමෙන් පෙන්නුම් කරන්නේ. ජනතාවට එදිනෙදා ලබාදෙන සහන කප්පාදුව, බඩුමිල ඉහළ යාම, තෙල් ගෑස් ආදී සියලූ පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම රුපියල කඩා වැටීම මගින් සිදුවෙනවා. එහි ප‍්‍රතිඵලය ජනතාවට බරපතල පීඩාවකට ඇදදමන ආර්ථික අර්බුදයක්. මුදල් ඇමතිවරයා එසේ නොවන බව කියනවා නම් එය ඔහුගේ ආර්ථික විද්‍යා දැනුමේ ප‍්‍රමාණයේ ප‍්‍රකාශනයක්. ආණ්ඩුව තර්කයක් ගොඩනගමින් තිබෙනවා, ඩොලරය ශක්තිමත් වීම නිසා රුපියල අවප‍්‍රමාණය වන බවට. එහි අර්ධ සත්‍යයක් තිබෙනවා. යම් ප‍්‍රමාණයකට ලෝක වෙළඳපොළේ ඩොලරය ශක්තිමත් වී තිබෙනවා. එහෙත් අපේ මුදල් ඒකකය කඩා වැටී තිබෙන්නේ ඩොලයට සාපේක්‍ෂව පමණක් නොවෙයි. 2018 වසරේ යුරෝවට සාපෙක්‍ෂව රුපියල 7.3%කින් කඩා වැටී තිබෙනවා. ජපාන යෙන් එකට සාපේක්‍ෂව 9.6%කින් කඩා වැටී තිබෙනවා. ඔස්ටේ‍්‍රලියානු ඩොලරයට සාපේක්‍ෂව 2%කින් කඩා වැටී තිබෙනවා. බංගලාදේශය් ටකා මුදල් ඒකකයට සාපේක්‍ෂ්ව 8%කින් කඩා වැටී තිබෙනවා. බි‍්‍රතාන්‍ය පවුමට සාපේක්‍ෂව 7%කට වැඩි ප‍්‍රමාණයකින් කඩා වැටී තිබෙනවා. චීන යුවාන් මුදලට සාපේක්‍ෂව 4%කට වැඩි ප‍්‍රමාණයකින් කඩා වැටී තිබෙනවා. සිංගප්පූරු ඩොලරටයට සාපේක්‍ෂව 4%කින් කඩා වැටී තිබෙනවා. එම නිසා ඩොලය ශක්තිමත් වීම නිසා පමණක් රුපියල අවප‍්‍රමාණය වෙනවා කියන තර්කය වැරදියි. අප අනුගමනය කරන වැරදි ආර්ථික ප‍්‍රතිපත්තියත් මෙම කඩා වැටීමට හේතුවී තිබෙනවා.
තවත් අමාත්‍යවරයෙක් ප‍්‍රකාශ කර තිබුණා කවුරුන් කෙසේ කිවුවත් රුපියල කඩා වැටීම හොඳ තත්වයක් බව. ඒ අපේ අපනයන ආදායම ඉහළ යන බව කියමින්. එවැනි තර්කවලින් මෙම ආර්ථික අර්බුදයට විසඳුම් හොයන්න බැහැ. 2015 ඩොලර් එකක් දීලා ඞීසල් ලීටර් එකක් ගෙනාවා නම් එය රුපියල් 130යි. අද එය ගෙනාවේ නම් රුපියල් 170 ඉක්මවනවා. මේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය නිසා නෙවෙයි. රුපියල කඩා වැටීම නිසා ඇතිවන තත්වයක්. රටේ ආර්ථිකයේ සමස්තයට අතිශය අහිතකර බලපෑම් මෙම රුපියල කඩා වැටීම මගින් ඇතිවී තිබෙනවා. මෙසේ තිබියදී තමයි ඇතැම් ඇමතිවරුන් රුපියල කඩාවැටීම හොඳ තත්වයක් කියන්නේ. මේ අර්බුදයට ආණ්ඩුවට නිසි විසඳුමක් නැතිවා පමණක් නෙවෙයි, තැන තැන ගලේ පැහැරූ බළලාගේ තත්වයට මේ ආණ්ඩුව පත්වී තිබෙනවා. අපේ රට වසර 10ක් පාලනය කළ හිටපු ජනාධිපති හා හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ පසුගියදා මාධ්‍ය සාකච්ඡුාවකදී මාධ්‍යවේදීයෙකු රුපියල කඩා වැටීම ගැන නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදීමේදී කියන්නේ බලය ලබාගත් විට එය විසඳන බවයි. ඒක හරියට ඇලඩින්ගේ පුදුම පහණ තමන් ළඟ තියෙනවා වගේ කතාවක්. මෙතෙක් අනුගමනය කරන ලද ආර්ථික ප‍්‍රතිපත්තියේ අසාර්ථකභාවය මෙම ආර්ථික අර්බුදය හේතුවී තිබෙනවා. පවතින පාලනය වගේම පැවති පාලනයන් සෘජුවම මෙම අර්බුදයට වගකිව යුතුව තිබෙනවා. අද මුළුමහත් ජනතාවට වන්දි ගෙවීමට සිදුවී තිබෙන්නේ එම වැරදි ආර්ථික ප‍්‍රතිපත්තිය නිසයි.
ලෝකය අද වෙළඳපොළෙන් ගැටගැසී තිබෙනවා. එය ප‍්‍රතික්‍ෂේප කළ නොහැකියි. භාණ්ඩ ආනයනය, අපනයනය අද ලෝකයේ යථාර්ථයක්. ලෝකය තාක්‍ෂණයෙන් ප‍්‍රවාහනයෙන් ගැටගැසී තිබෙනවා. සංස්කෘතියෙන් ගැට ගැසෙමින් තිබෙනවා. එම නිසා ලෝක වෙළඳපොළ ප‍්‍රතික්‍ෂේප කළ ආර්ථිකයක් කිසිවෙකුට අනුගමනය කළ නොහැකියි. එම නිසා අපි ලෝක වෙළඳපොළෙන් ඉවත් විය යුතු නැහැ. අපි එයට සටන්කරුවෙකු ලෙස මැදිහත් විය යුතුයි. ලෝක වෙළඳපොළේ ප‍්‍රධාන මුදල් ඒකකය ඩොලරයයි. එම නිසා ඩොලරයට සාපේක්‍ෂව අපේ රටේ මුදල් ඒකකය පැවැත්ම අතිශය තීරණාත්මකයි. භාණ්ඩ ආනයනය වෙනුවෙන් අපට ඩොලර් අවශ්‍යයි. භාණ්ඩ විකිණීමෙන් අපට ඩොලර් ලැබෙන්නේ. ඩොලරයට සාපේක්‍ෂව රුපියල කඩා වැටීමට හේතු ගණනාවක් තිබෙනවා. අපේ රටට භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් බිලියන 20ක අවශ්‍යතාවයක් තිබෙනවා. වසරකට භාණ්ඩ විකිණීමෙන් අපට ලැබෙන්නේ ඩොලර් බිලියන 10යි. අපේ වසරකට වෙළඳ ශේෂය 100%ක්. අපේ පාලකයින් අපේ රට ගෙනැත් තියෙන තැනයි මේ. 2018, 2019, 2020 යන වසරවල් තුනට වසරකට ඩොලර් බිලියන 4 බැගින් ණය ගෙවීමට අවශ්‍යව තිබෙනවා. එම නිසා භාණ්ඩ ගෙන්වීම සඳහා සහ ණය ගෙවීම සඳහා මෙම වසරේ ඩොලර් බිලියන 24ක් අවශ්‍යයි. ඒත් භාණ්ඩ විකිණීමෙන් අපට ලැබෙන්නේ ඩොලර් බිලියන 10යි. විදෙස්ගත ශ‍්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 7යි, සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 1.5යි. ඒ කියන්නේ අපේ අතේ තිබෙන්නේ ඩොලර් බිලියන 18.5යි. එහෙත් ඩොලර් බිලියන 24ක අවශ්‍යතාවයක් තිබෙනවා. ඩොලර්වල සැපයුම අඩුවී තිබෙනවා. ඉල්ලූම වැඩිවී තිබෙනවා. එම නිසා ඩොලරයක මිල ඉහළ යනවා. සරල ආර්ථික විද්‍යාව එයයි. එය ඩොලරයේ අගය ඉහළ යාමට ප‍්‍රධානතම හේතුවයි.
1977දී අපට තිබුණා ධන වෙළඳ ශේෂයක්. අද එය 100%ක හිඟයක් වාර්තා කරනවා. මීට හේතු වෙන්නේ අපි අපේ ඩොලර් උපයන මධ්‍යස්ථාන අත්හැරීමයි. වරාය කියන්නේ ඩොලර් උපයන ප‍්‍රධාන තැනක්. චන්ද්‍රිකා ජනාධිපතිනිය වරායේ එක ජැටියක් පී.ඇන්ඞ්. ඕ. සමාගමට විකුණා දැමුවා. රාජපක්‍ෂ ජනාධිපතිවරයා වරායේ වැදගත්ම ජැටියක් වෙච්ච දකුණු කොළඹ වරාය ජැටිය සී.අයි.සී.ටී. චීන සමාගමට විකුණා දැමුවා. අද කොළඹ වරායේ බහාළුම්වලින් 64%ක් මෙහෙයවනු ලබන්නේ විදේශීය සමාගම් විසින්. මේ නිසා අපට එන ඩොලර් ප‍්‍රමාණය අඩුවුණා. විදේශීය සමාගම් අපේ ඩොලර් ප‍්‍රමාණයෙන් 64%ක් ඇදගෙන යනවා. තවත් ඩොලර් උල්පතක් වූයේ බංකරින් ස්ර්විසස් හෙවත් නැව් තෙල් අංශයයි. එය තෙල් සංස්ථාව සතුවයි තිබුණේ. එය 2001දී මැරයින් සර්විසස් නම් සමාගමක් බවට පත්කළා. රනිල් වික‍්‍රමසිංහ එය ජෝන් කීල්ස් සමාගමට විකුණා දැමුවා. නැව්වලට තෙල් සැපයීම මගින් අපට ඩොලර් ඉපයිය හැකිව තිබුණා. එය රටට අහිම වුණා. මෙම විකිණීම වැරදි බවත් එය නැවත සංස්ථාවට පවරා ගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. එම තීරණය පසෙකලා මහින්ද රාජපක්‍ෂ පාලනය එය මැක්ලරන්ස් සමාගමටත් පසුව අයි. ඕ.සී. සමාගමටත් විකුණා දැමුවා. අද අයි. ඕ.සී. සමාගම ඩොලර්වලින් උපයන මුදල තමන්ගේ රටට අරන් යනවා. ඒ වගේම ති‍්‍රකුණාමලය වරායේ බංකරින් සර්විසස් කරන්නේ ද අයි. ඕ.සී. සමාගමයි. එම මුදලත් ඔවුන් ඉන්දියාවට අරගෙන යනවා. විශාල ලෙස ආදායම් ලබන අපේ ආයතනයක් වූයේ ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයයි. එය පළමුව ජපානයට විකුණා දැමුවා. දැන් එය මැලේසියාවට විකුණා තිබෙනවා. ටෙලිකොම් සමාගම ලබන ලාභය ඔවුන් ඩොලර් බවට පත්කරගෙන මැලේසියාවට අරගෙන යනවා. අද තෙල් වෙළඳපොළෙන් 1/3ක ලාභය උපයන්නේ අයි. ඕ.සී. සමාගමයි. එම සමාගම කොළොන්නාවේ සංස්ථාවේ ගබඩා පාවිච්චි කරනවා. නැවේ සිට ගබඩා දක්වා රැුගෙන ඒමට සංස්ථාවේ නළ පද්ධතිය පාවිච්චි කරනවා. තෙල් විකුණන්නේ කලින් සංස්ථාවට අයිතිව තිබුණු ෂෙඞ්වලම තමයි. ඒ තෙල් වෙළඳපොළෙන් 1/3ක ලාභය ඔවුන් ඉන්දියාවට රැුගෙන යන්නේ ඩොලර් ලෙසයි. මේ පාලකයෝ එක පැත්තකින් ලංකාවට ඩොලර් එන ආයතන වසා දැමුවා. අනික් පැත්තෙන් ඩොලර් අරගෙන යන්න අපේ සමාගම් විකුණා දැමුවා.
අනික් පැත්තනේ අපේ රටේ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ විශාල ප‍්‍රමාණයක් ආනයනය කරන රාජ්‍යයක් බවට අපි පත්වී තිබෙනවා. අපි සීනිවලින් 91.5%ක් ආනයනය කරනවා. මිරිස් අවශ්‍යතාවයෙන් 80%ක්, ලොකු ළුෑණුවලින් 82%ක්, කඩදාසිවලින් 100%ක්, සියලූ රෙදිපිළි ආනයනය කරන තැනක් කර තිබෙනවා. අපේ රටේ කර්මාන්ත පද්ධතිය බිඳ වට්ටා තිබෙනවා. අපට තිබුණු රෙදි, සීනි, කඩදාසි, කම්හල් වසා දමා තිබෙනවා. අප විශාල ලෙස ආනයන මත රඳා පවතින රටක් බවට පත්වී තිබෙනවා. සරුංගලය, වෙසක් කූඩුව පවා චීනයෙන් ගෙන්වන රටක් නිර්මාණය වී තිබෙනවා. එම නිසා ආනයන වෙනුවෙන් විශාල ඩොලර් ප‍්‍රමාණයක් රටෙන් වැයවෙමින් තිබෙනවා.
1977දී ලෝකයේ වෙළඳාමෙන් 5%ක් අපට අයිතිව තිබුණා. ඩොලර් 200ක වෙළඳාමක් සිද්ධ වුණානම් ලංකාවට ඩොලර් එකක් ආවා. අද ලෝක වෙළඳපොළේ ලංකාවේ පංගුව 0.045%යි. ඒ කියන්නේ ඩොලර් 2000ක වෙළඳාමක් වුණානම් තමයි අපිට ඩොලර් එකක් එන්නේ. 1977 සිට අවුරුදු 40ක් ගතවන විට ලෝක වෙළඳපොළේ අපේ පංගුව 1/10කින් අඩුවී තිබෙනවා. අපේ පාලකයින්ට දැක්මක් තිබුණේ නැහැ. 70 දශකය වනවිට අපට තේ, පොල්, රබර් ආර්ථිකයක් තිබුණා. ලෝක වෙළඳපොළේ වෙනස්වන ඉල්ලූමට අනුව අප වෙනස් විය යුතුව තිබුණා. එවැනි දැක්මක් පාලකයින්ට තිබිය යුතුව තිබුණා. අපේ මුළු අපනයන වෙළඳපොළෙම හැකිළුණා. දිගු කාලීන ලෙස අපි අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප‍්‍රතිපත්තියේ ප‍්‍රතිඵලයක් ලෙස අපේ රුපියල කඩා වැටෙමින් තිබෙනවා. මෙතෙක් රට පාලනය කරපු සියලූ නායකයින් මෙයට වගකිව යුතුව තිබෙනවා.
රුපියල කඩා වැටීම නැවැත්වීම සඳහා අපිට දිගු කාලීන හා කෙටි කාලීන ක‍්‍රමවේද සැකසිය යුතුව තිබෙනවා. කෙටිකාලීනව ගත්තොත් ආණ්ඩුව මැදිහත් වී රුපියල ස්ථාවර කළ යුතුයි. එසේ කළ යුත්තේ මෙය චකී‍්‍රය ලෙස අර්බුදය තවත් උග‍්‍ර කරවන නිසයි. විදෙස්ගත ශ‍්‍රමිකයින් තමන් උපයන මුදල් මේ රටට එවීම පිළිබඳව නැවත සිතා බලනවා. ඔවුන් වැඩි වාසි ලැබීම සඳහා ඩොලරය ඉහළ යාම දෙස බලා සිටිනවා. ඇතැම් අපනයන වෙනුවෙන් ලැබෙන ඩොලර් පවා අපනයනකරුවන් මෙරටට ගෙන ඒම ප‍්‍රමාද කරනවා. රුපියල අස්ථාවර වී ඇති විට ඩොලර් අතේ ඇති කෙනා ඩොලර් මාරු කිරීමෙන් වැළකී සිටිනවා. එම නිසා ලැබිය යුතු ඩොලර් ප‍්‍රමාණය පවා නොලැබී යනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස නැවත ඩොලරය ඉහළ යනවා. මෙය විෂම චක‍්‍රීය අර්බුදයක් බවට පත්වෙනවා. එම නිසා ඩොලරය කෙටි කාලීනව යම් ස්ථාවරභාවයකට ගෙන ආ යුතුව තිබෙනවා. එසේ ගෙන ඒමෙන් තොරව කඩා වැටීම පාලනය කළ නොහැකියි. දිගුකාලීන සැලැස්මක්ද මීට අවශ්‍යයි. අපේ වෙළඳ ශේෂයේ හිඟය පියමං කරන්නේ කෙසේදැයි සිතා බැලිය යුතුව තිබෙනවා. ලෝක වෙළඳපොළේ පංගුවක් අත්පත් කරගන්නේ කෙසේදැයි සිතිය යුතුව තිබෙනවා. එහෙත් මේ ආණ්ඩුවලට එවැනි කිසිදු දිගුකාලීන සැලසුමක් නැහැ.
අපේ රටේ බිස්කට් පරිභෝජනය 97%ක් ලංකාවේ නිෂ්පාදනයි. නමුත් ආණ්ඩුව සූදානමින් සිටිනවා බිස්කට් වෙළඳපොළ විදේශයන්ට පවරන්න. ඇතැම් සුපිරි වෙළඳසැල්වලට මේ වනවිටත් එවැනි බිස්කට් නිෂ්පාදන පැමිණෙමින් තිබෙනවා. නැව්වලට සේවා සැපයීම සඳහා වන සමාගම්වල අයිතියෙන් 40%කට වඩා විදේශයන්ට අයිති විය යුතු නැති බවට නීතියක් තිබෙනවා. නමුත් පසුගිය අයවැය ලේඛනය මගින් මුදල් ඇමතිවරයා යෝජනා කර තිබුණා එම 40% සීමාව ඉවත් කරන්න. එහි තේරුම නාවික සේවා සැපයීම මගින් උපයා ගන්නා ඩොලර් ප‍්‍රමාණය රටට අහිමි කරගන්නයි. දිගුකාලීන සැලසුමක් වෙනුවට ඒ මොහොතේ වෙළඳපොළේ ගනුදෙනු මගින් මුදලක් උපයා ගන්න ආණ්ඩුව කල්පනා කරනවා. එමගින් ආර්ථිකය ශක්තිමත් කළ හැකි යැයි මිත්‍යාවක ඔවුන් සිටිනවා. නිෂ්පාදනයකින් තොරව වෙළඳපොළ සංසරණවලින් පමණක් ආර්ථිකය ඉදිරියට යනු ඇතැයි සිතීම මිත්‍යාවක්. එම නිසා නිෂ්පාදනයන් වර්ධනය කර ආනයන සීමා කිරීම සඳහාත් ලෝක වෙළඳපොළේ පංගුවක් අත්පත් කර ගැනීම සඳහාත් දිගුකාලීන සැලසුමක් තිබිය යුතුයි. නමුත් එවැනි සැලසුමක් මෙවැනි පාලකයින්ට නැති බවත් ඉතා හොඳින් පෙන්නුම් කරනවා. හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය සාකච්ඡුාව මගිනුත් වත්මන් මුදල් ඇමතිවරයාගේ, අගමැතිවරයාගේ ප‍්‍රකාශ මගිනුත් පෙන්නුම් කරන්නේ ඔවුන් මෙම ආර්ථික අර්බුදය හඳුනාගෙන නොමැති බවත් ඔවුන්ට ඊට විසඳුම් නොමැති බවයි. ඒ සඳහා වන ඔවුන්ගේ එකම විසඳුම වී තිබෙන්නේ අර්බුදය විසඳා ගැනීම සඳහා නැවත නැවත ණය ලබාගැනීමයි. එක්සත් ජනපදයෙන් දැන් නැවතත් ණය ලබාගැනීමට යනවා. ඇතැම් රාජ්‍ය බැංකුවලට යෝජනා කර තිබෙන්නේ ඩොලර්වලින් ණය ලබාගන්නා ලෙසයි. ණය හරහා ඩොලර් ගෙන්වීම මගින් මේ නිශ්චිත මොහොතට උත්තරයක් ලෙස පෙණුනත් එය දිගුකාලීන විශාල අර්බුදයක් නිර්මාණය කිරීම වැලැක්විය නොහැකියි. මේ පාලකයින්ට නිවැරදි ආර්ථික ප‍්‍රතිපත්තියක් නොමැති වීමේ විපාකවලට රටේ ජනතාවට භුක්ති විඳීමට සිදුවී තිබෙනවා.
මෙම විනාශකාරී ආර්ථික ප‍්‍රතිපත්තිවලට එරෙහිව නව ආර්ථික ප‍්‍රතිපත්තියක් අවශ්‍යවී තිබෙනවා. මෙම රුපියල කඩා වැටීම මගින් ජනතාවට පවතින ආර්ථික ක‍්‍රමයේ අසාර්ථකත්වය ඕනෑවටත් වඩා පෙන්නුම් කරනවා. රු. 132 සිට 170 දක්වා රුපියල අවප‍්‍රමාණය වී තිබෙනවා. වසරක් තුළ 25%කින් රුපියල කඩා වැටී තිබෙනවා. ජනතාවගේ ඇස් ඉදිරිපිට එය සිදුවී තිබෙනවා. නව ආර්ථික ප‍්‍රතිපත්තියක් වෙනුවෙන් ජනතාවට පෙළ ගැසීමට රුපියල කඩා වැටීම හොඳ සංඥාවක් ලබාදී තිබෙනව යැයි පැවසීය.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අනුර දිසානායක,
මේ පාලකයින් 1977 සිට කල්පනා කළේ වෙළඳපොළ විවෘත කිරීම මගින් ආර්ථිකයේ වර්ධනයක් අත්පත් කරගත හැකි බවයි. එහෙත් දැන් ඉතා හොඳින් පෙන්නුම් කරමින් තිබෙනවා වෙළඳපොළ විවෘත කිරීම මගින් ආර්ථිකය වර්ධනය කළ නොහැකි බව. ලෝකයේ කිසිදු වෙළඳපොළෙක් විවෘත නැහැ. ඉන්දියාව තමන්ගේ වෙළඳපොළ විවෘත කර නැහැ. ඔවුන් තමන්ගේ වෙළඳපොළෙ ආරක්‍ෂා කර ගැනීම සඳහා විශාල බදු පනවා තිබෙනවා. ආනයනික කිරිපිටිවලට 100% බද්දක් ගහනවා. නමුත් අපේ රටේ පාලකයින් මෙරට නිෂ්පාදන ආරක්‍ෂා කරගන්නවා වෙනුවට ඒවා කඩා වට්ටා විදේශීය වෙළඳ සමාගම්වලට දොරටු විවෘත කරනවා. ඔවුන් හිතන්නේ ආර්ථිකය තවත් විවෘත කිරීම ගැන පමණයි. රනිල් වික‍්‍රමසිංහ, මහින්ද රාජපක්‍ෂ ඔවුන් අධිරාජ්‍යවාදී ප‍්‍රතිපත්ති අනුගමනය කරන පාලකයින්. ඔවුන් අදහන්නේ ලෝක වෙළඳ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, වැනි ආයතනයි.
අපේ රට ඇතුළේ යම් නිෂ්පාදන හා සේවා ප‍්‍රමාණයක් රැුකිලා තිබෙනවා නම් ඒ ටිකත් විදේශීය සමාගම්වලට විවෘත කිරීම ගැන තමයි ඔවුන් සිතමින් සිටින්නේ. එට්කා, සිංගප්පූරු ගිවිසුම, පාකිස්තාන ගිවිසුම, මේ සියල්ලේ අරමුණ එකයි. ඔවුන් අපේ රටේ ජනතාව විසින් ඡුන්දය ලබාදී තෝරා ගත්තාට ඔවුන් නියෝජනය කරන්නේ විදේශීය සමාගම්වල වුවමනාවන්. මහින්ද රාජපක්‍ෂ චීන සමාගම්වලින් මුදල් ලබාගත් බව ඔප්පු වී තිබෙනවා.
ලෝක ශ‍්‍රම වෙළඳපොළෙන් අපි අත්පත්කරගෙන තිබෙන්නේ ඉතාම ලාභ ක්‍ෂේත‍්‍ර පමණයි. ගෘහ සේවය, විදුලි කාර්මික, මේසන්, වැනි ක්‍ෂේත‍්‍ර පමණයි. නමුත් ඉන්දියාව ගතහොත් ඔවුන් ලෝක ශ‍්‍රම වෙළඳපොළේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රයේ ඉහළම තනතුරු විශාල සංඛ්‍යාවක් අත්පත්කරගෙන තිබුණා. ඔවුන් මේ යුගය වනවිට ශ‍්‍රම වෙළඳපොළේ ස්වභාවය කල් ඇතිව පුරෝකථනය කරගෙන තිබෙනවා. ඊට අවශ්‍ය ශ‍්‍රමිකයා නිර්මාණය කිරීමට ඔවුන් සැලසුම් හැදුවා. ඒත් අපේ රටේ තොරතුරු තාක්‍ෂණය පාසල් විෂයට ඇතුල් වෙන්නේ 2014. මේ පාලකයින්ට තිබෙන්නේ රටේ හෝ ජනතාවගේ අනාගතය පිළිබඳ වුවමනාවන් නෙවෙයි. ඔවුන් බූරු පොළේ වාඩිවෙන සූදු අන්තුවන් වගේ. ඔවුන්ට රට සූදුපොළක් වගේ. ඔවුන්ට අවශ්‍ය ඒ මොහොතේ ලැබෙන ලාභයයි. මේ රට දියුණු කරන දිගු කාලීන ආර්ථික උපාය මාර්ග ඔවුන්ට අවශ්‍ය නැහැ. ඔවුන්ට දේශපාලනය බිස්නස් එකක්. තමන්ගේ ළමයින්ට අනාගතය හදාගන්න තැනක්. එවැනි පාලකයින්ගෙන් දිගු කාලීන උපාය මාර්ග අපේක්‍ෂා කිරීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් වගේ.
20වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි මොහොතේ අපි ව්‍යවස්ථාමය කරුණු අනුව පෙනී සිටියා. මොකද ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේදී එය සම්මත කරගැනීමේ නිසි කි‍්‍රයා පටිපාටිය අනුව අපි ඊට මැදිහත් වෙනවා. එම නිසා 20වැනි සංශෝධනයේ ඇතැම් වගන්ති වෙනුවෙන් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ 2/3ක් ප‍්‍රමාණවත් බවත් අප පෙන්වා දුන්නා. එය ව්‍යවස්ථාමය කි‍්‍රයාවලියක්. ඒ වගේම අපට තිබෙනවා දේශපාලන කාර්යභාරයක්. ඒ අනුව අප කල්පනා කරනවා පාර්ලිමේන්තුවේ 2/3ට අමතරව ජනමත විචාරණයකිනුත් සම්මත විය යුතු බව. පාර්ලිමේන්තුවේ 225 යම් දේශපාලන අරමුණුවලින් මේ දිහා බලනවා වෙන්න පුළුවන්. එම නිසා අප හිතනවා ජනතාවට ඒ පිළිබඳව නිවැරදි තීන්දුවක් ලබාදිය හැකියි කියා. අප ශේ්‍්‍රෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙය ව්‍යවස්ථාවට අනුව විසඳා දෙන ලෙසයි. දේශපාලනයට අනුව අප ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙය ජනමත විචාරණයකින් අනුමත කර දෙන ලෙසයි. එය පාර්ලිමේන්තුවේ අවහිර කිරීමකින් තොරව අවසාන අයිතිය ජනතාවට ලබාදෙන ලෙස අප ඉල්ලා සිටිනවා. ජනතාවගේ අනුමැතියකින් එය සම්මත කරගත හැකි බවට අපට විශ්වාසයක් අපට තිබෙනවා.
මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න සහෝදරයාද සහභාගි විය
මාධ්‍ය ඒකකය
ජනතා විමුක්ති පෙරමුණ
2018.09.25
The post පාලකයින්ට නිවැරදි ආර්ථික ප‍්‍රතිපත්තියක් නොමැති වීමේ විපාක රටේ ජනතාවට භුක්ති විඳීමට සිදුවී තිබෙනවා – අනුර දිසානායක. appeared first on Lanka News Column.
0 Comments