ශ්‍රී ලාංකිකයන් 62338 දෙනෙකුට රටින් පිටවීම තහනම්ව ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
මෙරට අධිකරණ හා හමුදා අධිකරණ මඟින් ලබාදුන් නියෝග මත මෙම පිරිස අසාදු ලේඛනගත කර ඇති බවත් හමුදා අංශවලට අයත් පිරිස හැරුණු විට මෙම තහනමට ලක්ව සිටින අය අතර දේශපාලනඥයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හවුල් වූවන්, දෙමළ ඩයස්පෝරාවට හිතවත් පිරිස්, ආගමික අන්තවාදීන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී අධිකරණයේ නඩු පැවැරී ඇති අය සිටින බව සඳහන් වේ. මෙම පිරිස අතර ආරක්ෂක අංශවල පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා විවිධ නිලයනට අයත් තිස් දහසක්ද ඇතැයිද පැවසේ.
මෙම පිරිස් රටින් පිටවීම වැළැක්වීම සඳහා රජයේ බුද්ධි අංශ කණ්ඩායම්, ගුවන්තොටුපොළ, සිවිල් ගුවන් සේවා බලධාරීන්, ආගමන විගමන නිලධාරීන් ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් එම කණ්ඩායම්වල ප්‍රයෝජනය සඳහා නවීන උපකරණ ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් සීරුවෙන් තබා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
ගුවන් ගමන්වල යෙදෙන මගීන් පිළිබඳ තොරතුරු කල්වේලා ඇතිව ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස අදාළ අංශවෙත උපදෙස් දී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත.
The post ලාංකිකයන් 62,000කට වැඩි පිරිසකට රටින් පිටවීම තහනම්! බුද්ධි අංශ සීරුවෙන්.. appeared first on Lanka News Column.
0 Comments