Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“ලැජ්ජයි මැතිවුස්” ඇෆ්ගනිස්ථානය හමුවේත් අන්ත පරාජක් ලබා ලංකාව ආසියාවෙන්ම කැපුනු හැටි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට අදුරු ලැජ්ජා සහගත දිනයක් සටහන් කරමින් ඇන්ජලො මැතිවුස් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ ලැබූ අන්ත පරාජය හිමිකර ගත්තේය. අර්ජුන රණතුංගලා, සනත් ජයසූරීයලා එදා දහදිය, කඳුලු වපුරා දැඩි කැපවීමෙන් ගොඩ නැගු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මලගම සටහන් වූ දිනයක් ලෙසට ඊයේ (17) නම් කළාට වරදක් නැත.

මුදල් සාධකය අමතක කොට දේශප්‍රේමීත්වයෙන් ක්‍රීඩා කළ අර්ජුන, සනත් ලා ශ්‍රී ලංකාව ලොව භයානකම ක්‍රිකට් කණ්ඩායමක් බවට පත් කළේය. ඉන්පසු තමන්ගෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමට තිලකරත්න දිල්ශාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි දෙවෙනි පෙළක්ද සෑදුවේය.

එවැනි පෞඩ ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඇන්ජලො මැතිවුස් යටතේ තවත් අන්ත පරාජයක් ලබමින් ආසියා කුසලානයේ මුල් වටයෙන්ම ඉවතට විසි විය. ආසියා කුසලානයේ ඇෆ්ගනිස්ථානය සමග ක්‍රීඩා කළ තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 91 ක දැවැන්‍ත පරාජයක් ලබමින් මෙලෙස ආසියා කුසලානයෙන් ඉවත් විය.

sp13-mathews

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 249 ක් ලබාගත්තේය. එහිදී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිතර වූ රාමට් ෂා, පන්දු 90 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 72 ක් රැස්කරමින් ඇෆ්ගනිස්ථාන ඉනිමේ කොඳු නාරටිය බවට පත් විය. ලසිත් මාලිංගගේ පන්දුවාර දහයට ලකුණු 66ක් උදුරා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 250 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 41.2 ක් අවසානයේ ලකුණු 158 කට සියලු දෙනා දැවී ගියේය. හුදෙකලා සටනක නිරතවු ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණු 36ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා මැදපෙල කොදු නාරටිය වන දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා නොකිරීම මෙම තරගාවලියේ කණ්ඩායමට බරපතල පාඩුවක් විය. වත්මන් කණ්ඩායමේ වැඩිම වගකීමකින් සහ කැපවිමකින් ක්‍රීඩා ක‍රනා ක්‍රීඩකයා ලෙස විචාරකයන් හදුන්වන දිනේෂ් චන්දිමාල් නොමැතිව බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 200ක් ලබා ගැනීමට හෝ පන්දවාර පනහ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි විය.

ඇන්ජලෝ මැතිවුස්ගේ දුර්වල නායකත්වය ඊයේ තරගය පරාජයටද ප්‍රබල හේතුවක් බවට විචාරකයන් අදහස් දැක්වීය. ඇන්ජලෝ මැතිවුස් ආක්‍රමණශීලීත්වය හෝ උපායශීලිත්වය නොමැති නායකයෙක් බවත්, ඔහුගේ පන්දු පිටිය සැකසීම සහ පන්දු යවන්නන් යොදා ගැනීම ශ්‍රී ලංකාව දිගින් දිගටම ලබනා පරාජයන්ට හේතුවක් බවද විචාරකයන් ප්‍රකාශ කළේය.

මේ අතර දිගින් දිගටම අසාර්ථක වූ නමුද කණ්ඩායමේ ස්ථානය හිමිවන කුසල් මෙන්ඩිස් ඊයේ දිනයේද ලකුණු නොලබා දැවි ගියේය. මේ ඔහු ලකුණු බිංදුවට පිට පිට දැවී ගිය තෙවන අවස්තාවයි. මෙතරම් අසාර්ථක කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථානයක් ලබා දීම පසුපස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිළධාරියෙක් පිළිබදව සමාජජාලා මාධ්‍යයන්හි දැඩි කතාබහක් ඇතිව තිබේ.

කෙසේ වෙතත් දහදිය වපුරා ලෝක කුසලාන දිනමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැගු අර්ජුන රණතුංගලා සිය ජීවිත කාළයම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉපැයූ මුදලට වඩා මුදලක් දිගින් දිගටම පරාජය වන වර්තමාන ක්‍රීඩකයන් වසරක් තුල ඉපැයීම විශේෂත්වයකි. පසුගිය වසරේ එක්තරා ක්‍රීඩකයෙක් ලබා ගත් ලකුණකට රුපියල් 60,000කට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවා තිබෙන බවටද හෙළිවිය.



from Gossip Lanka News & Video https://ift.tt/2PN8lpb
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();