Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තරුණයෙකුට මරණ දඬුවම නියම වෙයි.

Death_penalty

හෙරොයින් ග්‍රෑම් 09 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවන්ට වරදකරු වු තරුණයෙකුට කොළඹ මහාධිකරණය මගින් මරණ දඩුවම නියම කර ඇති බව වාර්ථා වේ. අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් එම නියෝගය ලබාදී ඇත.

මරණ දඩුවම නියම වී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්  2012 වසරේදී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 23 හැවිරිදි තරුණයෙක් හට බව පැවසේ.

හෙරොයින් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධි චෝදනා දෙකටම වරදකරු කරමින් චෝදනාවන්ට වෙන් වෙන් වශයෙන් විත්තිකරුට එරෙහිව මරණ දඩුවම නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

The post තරුණයෙකුට මරණ දඬුවම නියම වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();