නොයෙක් අවස්ථාවල මේ රජය කඩා කප්පල් කරන්න උත්සාහ දරන කට්ටිය ඉන්න බවත් පසුගිය 05 වෙනිදාත් ඒක කරන්න හැදුව බවත් ඒක සාර්ථක වුණේ නැති බවත් ඒක නිසා ඒ අයගේ තිබෙන කූඨ උපක්රමවලට අපි රජයක් හැටියට මුහුණ දෙන බවත් අමාත්‍ය නවින් දිසානායක ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, ඉන්දිරා ජයසූරිය ගේ 42 වන ජන්ම දිනය නිමිති කොටගෙන මහරගම අපේක්ෂා රෝහලෙහි රෝගීන් සඳහා දානමය පුණ්‍ය කර්මයක් සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍යය නැගූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමිනි.
එහිදී වැඩිදුරටත් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා,
ප්රශ්නය : ඩොලරය ඉහළ ගිහිල්ලා තියෙනවා. රුපියල අව ප්‍රමාණය වෙලා තියෙනවා. දැන් මේක යථාතත්ත්වයට ගෙන ඒම සඳහා මොන වගේ ක්‍රියා මාර්ගද ගෙන තිබෙන්නේ?
පිළිතුර : ඇත්ත වශයෙන්ම මෙය මහ බැංකුව මුදල් අමාත්‍යාංශය සමඟ ඉතාමත් කිට්ටුවෙන් සම්බන්ධීකරණයක් කරනවා. දැන් අපේ රුපියලෙහි අගය සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ වෙළඳපල හරහා. එම නිසා රුපියලේ අවප්‍රමාණය වීම සමස්තයක් වශයෙන් කලාපයත් සමඟ සන්සන්දනය කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම ඉන්දියාවෙත් පකිස්ථානේ රුපියලත් ඒ වගේම කලාපයේ තිබෙන අනෙකුත් රටවල මුදල් අප හා සන්සන්දනය කරන විට අපේ රුපියලට වඩා අව ප්‍රමාණය වෙලා තියෙනවා. මෙය විශේෂයෙන්ම ඇමෙරිකාවට ඇමෙරිකාවේ ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වෙලා තිබෙන දෙයක්.
ඇමෙරිකාවේ තිබෙන ඉහළ පොළිය නිසා ඒ රටේ තිබෙන මුදල් නැවතත් ඇමෙරිකාවට යන නිසා මෙය වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම අපි කළමනාකරණය කරලා තියෙනවා. අපි එහෙම කළේ නැත්නම් මීටත් වඩා අව ප්‍රමාණය වීමට බොහෝ සාධක තිබ්බා. ඉතිං මම හිතන්නේ මෙය අපි පුළුවන් විදිහට පාලනය කරන්නට උත්සාහ කරලා තියෙනවා.
ප්රශ්නය : තේ වල මිල දැන් අඩු වෙලා තියෙනවානේ. ඒ ගැන ඔබගේ අදහස?
පිළිතුර : තේ වල මිල සමස්තයක් ලෙස රුපියල් විස්සක තිහක අඩු වීමක් තියෙනවා. එය සාමාන්‍යයෙන් කාලයත් සමඟ වෙන දෙයක්. අන්තිම කාර්තුවේ මෙහෙම වෙනවා. නමුත් අපි හිතනවා දැන් සිරියාවේ තිබෙන තත්ත්වය නිසා නැවතත් ගිය සති දෙක තුන ඇතුළත තේ මිල ස්ථාපිත වුණා. අපි හිතන්නේ ලබන මාස දෙක තුන ඇතුළත තේ මිල ඉහළ යාමක් සිදු වේවි. එහි විශාල කඩා වැටීමක් සිදු වෙලා නෑ.
ප්රශ්නය : පහුගිය කාල කීපයම තුළ රට ව්‍යාකූල තත්ත්වයක පවතිනවා කියලා හැගෙනවා.
පිළිතුර : නෑ. ඒක ඔබතුමන්ලාගේ ජන මාධ්‍යයෙන් පෙන්වන දෙයක් හෝ ඒත්තු ගන්වන දෙයක් ඇරෙන්න අපිට එහෙම ව්‍යාකූලතා තත්ත්වයක් පේන්න නෑ. විශේෂයෙන්ම නොයෙක් අවස්ථාවල මේ රජය කඩා කප්පල් කරන්න උත්සාහ දරන කට්ටිය ඉන්නවා. පසුගිය 05 වෙනිදාත් ඒක කරන්න හැදුවා. ඒක සාර්ථක වුණේ නෑ. ඉතිං ඒක නිසා ඒ අයගේ තිබෙන කූඨ උපක්‍රම වලට අපි රජයක් හැටියට මුහුණ දෙනවා.
ප්රශ්නය : ඒකාබද්ධ විපක්ෂය කියනවා රුපියල අව ප්‍රමාණය වීම පිළිබඳව ඒ අයගේ රජයට ක්‍රමවේදයක් තිබුණා. අද එහෙම තිබුණා නම් මේ විදිහට වෙන්නේ නෑ කියලා.
පිළිතුර : විපක්ෂයේ ඉද්දී ඕනෑම දෙයක් කියන්න පුළුවන්නේ. අපිට ඒක එතරම් ප්‍රශ්නයක් නෙවෙයි.
ප්රශ්නය : ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්තුමා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැන් ලොකු ආන්දෝලනයක් ඇති වෙලා කියලා කතාවක් යනවා. දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් මහජනතාවගේ මෙන්ම හැමදෙනාගේම මතය වෙලා තියෙන්නේ පොලිස්පති ඉල්ලා අස්වෙන්න ඕනේ නැත්නම් නාලක සිල්වා අත් අඩංගුවට ගන්න ඕනේ කියලා. දැන් මේ ක්‍රමෙත් එක්ක මොකක්ද ඇමතිතුමණි මේ වෙන්නේ?
පිළිතුර : ඒ හඬ පටයේ ඇත්ත නැත්ත භාවය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කෙරෙනවා. ඒ හඬ පටයේ කිසි තැනක නෑ නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පති කියනවා ඝාතනයක් සිදු කරන්න කියලා. මේ ඔත්තුකාරයා තමයි කියන්නේ එහෙම එයාට කීවා කියලා. ඉතිං අපි ඉතාමත් වගකීමෙන් කියන්නේ ඉතාමත් අපක්ෂපාතීව මේකේ ඇත්ත නැත්ත හොයන්න අපි රහස් පොලීසියට භාර දීලා තියෙනවා. රහස් පොලීසියේ නිර්දේශ අනුව රජය සම්පූර්ණයෙන්ම මේ ගැන කටයුතු කරනවා. මේ ගැන අපිට හංගන්න කිසිම දෙයක් නෑ.
ප්රශ්නය : ඒ කියන්නේ රජය පොලිස්පතිවරයා හා නාලක සිල්වා මැතිතුමාව ආරක්ෂා කරනවා කියන්න එක ද?
පිළිතුර : නෑ. අපි දැන් මේ ප්රශ්නයේ පරීක්ෂණය අවසන් වෙනකන් නාලක සිල්වා මහත්තයාගේ සේවය තවකාලිකව අත්හිටුවලා තියෙන්නේ. ඉතිං එතන කිසිම වසන් කිරීමක් නෑ.
The post මේ රජය කඩා කප්පල් කරන්න උත්සාහ දරන කට්ටිය ඉන්නවා – ඇමති නවීන් කියයි. appeared first on Lanka News Column.
0 Comments