අන්තර්ජාතික බොක්සිං සහ වෘත්තීය බොක්සිං සංවිධානවල හෙවිවේට් කිරුළ රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින්ව පරාජය කරමින් බ්‍රිතාන්‍ය සුපිරි ක්‍රීඩක ඇන්තනි ජොෂුවා හිමිකර ගනියි.
ඇන්තනි ජොෂුවා හා ඇලෙක්සැන්ඩර් පොවෙට්කින් අතර තරගය එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී පැවැති අතර තරගයේ 7 වන වටයේදී මෙම අන්තර්ජාතික කිරුළ ඇන්තනී ජොෂුවා හිමිකර ගත්තේය. පසුගිය වසරේ හෙවිවේට් කිරුළද ඇන්තනී ජොෂුවා සතුවූ අතර එහිදී ශූරතාව දිනා ගත්තේ යුක්රේනයේ ව්ලැදිමීර් ක්ලිෂ්කෝ පරාජය කරමිනි.
ඇන්තනි ජොෂුවා හා රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින් අතර තරගය පැවැති එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයට 80000ක පමණ ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ. ඔහු අන්තර්ජාතික බොක්සිං වළල්ලේ හිමිකර ගත් අඛණ්ඩ 22 වන ජයග්‍රහණය මෙය ලෙස සටහන් විය. හෙවිවේට් කිරුළ හිමිකර ගැනීමෙන් අනතුරුව ඔහු සදහන් කළේ අවුරුදු 40 වන තෙක් තරග බිමෙන් සමුගැනීමේ සූදානමක් නොමැති බවය.
0 Comments