Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රවීගේ නඩුවට අදාළව අධිකරණය දුන් නියෝග අත්හිටුවයි.

Ravi-K

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ වලට අදාළව රහස් පොලීසිය විසින් කළ ඉල්ලිම පරිදි තම අධිකරණය මඟින් ලබා දූන් සියලු නියෝග තාවකාලික ලෙස අත්හිටුවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද(21) නියෝග කර තිබේ.

ඉකුත් 14 වනදා රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙම පරීක්ෂණයට අදාළ ව නියෝග කීපයක් නිකුත් කර තිබුණි.

අද මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ පරීක්ෂණයට භාජනය වී තිබෙන global transportation and logistic සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු  කියා ඇත්තේ මෙම පරීක්ෂණයට අදාලව රහස් පොලිසිය විසින් ඉල්ලා ඇති නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතට අනුව නීතිපතිවරයාට නඩු පැවරීමට බලය පැවරී ඇත්තේ එම කොමිසම හමුවේ අනාවරණය වූ කරුණක් සම්බන්ධයෙන් පමණක් බව කියා සිටි ජනාධිපති නීතිඥවරයා මෙම පරීක්ෂණයට අදාළ  නියෝග ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් නොව ඊට පරිභාහිර කරුණු සම්බන්ධයෙන් වන බැවින් එම නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දී ඇත.

මේ හේතුවෙන් අදාළ නියෝග අත්හිටුවන මෙන්ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එහෙත් රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම සඳහන් කර ඇත්තේ අධිකරණයට මෙවැනි පරීක්ෂණ සඳහා නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලය පවතින බවයි.

කෙසේ වෙතත් කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක  මෙම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 28 වන දා ප්‍රකාශයට පත් කරන බව නියම කර තිබේ. එතෙක් මෙම පරීක්ෂණයට අදාළව රහස් පොලිසියේ ඉල්ලීම පරිදි  තම අධිකරණය මඟින් ලබාදී ඇති සියලු නියෝග තාවකාලිකව අත්හිටුවන බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

The post රවීගේ නඩුවට අදාළව අධිකරණය දුන් නියෝග අත්හිටුවයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();