ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලත් ගලහිටියාව මැදි විදුහලත් අතර දෙහිවලදී පැවැති අවුරුදු 13 න් පහළ පළමු පෙළ අන්තර් පාසල් ක්රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 101ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විදුහල පළමු ඉනිමට ලකුණු 198ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ගලහිටියාව විදුහල් පළමු ඉනිම ලකුණු 41කට සීමාවූ අතර ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා දෙවැනි වරටත් පන්දුවට පහරදුන් අතර එවර රැස්කරගත හැකිවූයේ ලකුණු 51ක් පමණි.
තුන් ඉරියව් දස්කම් දැක්වු සාන්ත තෝමස් විදුහලේ නැතෑන් කල්දේරා නොදැවී ලකුණු 56ක් රැස්කළ අතර පන්දු යැවීමේදී ඉනිම දෙක තුළ ලකුණු 18කට කඩුලු 8ක් (7/4 සහ 11/4) දවා ගැනීමට සමත් විය.
සාන්ත තෝමස් පළමු ඉනිම - 198. නැතෑන් කල්දේරා නොදැවී 56, ශහේන් විජේසිංහ 43, දිනෙත් ගුණවර්ධන 32, මනිත් ප්රනාන්දු 23(කවීන් කුලරත්න 22/2, වතිල දම්හිරු 44/2)
ගලහිටියාව මැදි විදුහල් පළමු ඉනිම - 46 (නැතෑන් කල්දේරා 7/4, අශ්වින් පෙරේරා 12/2, රජිඳු තිලකරත්න 13/2) සහ දෙවැනි ඉනිම - 51. (නැතෑන් කල්දේරා 11/4, ශහේන් විජේසිංහ 1/2, කවිඳු ඩයස් 7/2, අශේන් පෙරේරා 14/2)
මොරටු විදුහලට පළමු ඉනිමේ ජය
මේ අතර කොළඹ සහිරා විදුහල සමග මොරටුවේ පැවැති අවුරුදු 13න් පහළ පළමු පෙල ක්රිකට් තරගයෙන් මොරටු විදුහලට පළමු ඉනිමේ ජයක් හිමිවිය.
තරග පළමුව පන්දුවට පහරදුන් සහිරා විදුහල ලකුණු 144කට සීමාකළ මොරටු විදුහල් ක්රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 157ක් රැස් කිරීමට සමත් විය.
සහිරා ඉනිමේදී සල්මන් රෙෆායි ලකුණු 49ක් වාර්තා කළ අතර අනගි පන්දු යැවීමක නිරත වූ ශෙරෝන් ෆෝඩ් ලකුණු 15කට කඩුලු 6ක් දවා ගත්තේය.
මොරටු විදුහල වෙනුවෙන් දිනෙත් සිතුමින ලකුණු 43ක්, මලිත් විජේසිංහ 41ක් සහ පසිඳු ඩයස් 40ක් වාර්තා කළ අතර පන්දු යැවීමේදී මොහොමඩ් මික්ඩාඩ් ලකුණු 41කට කඩුලු 5ක් දවා ගත්තේය.
සහිරා විදුහල් පළමු ඉනිම - 144 (ඕවර 53.3) සල්මන් රෙෆායි 49, මෙහොමඞ් ඉජාස් 31 (ශෙරෝන් ෆෝඩ් 15/6, මලිත් රූපසිංහ 45/2) සහ දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 14
මොරටු විදුහල් පළමු ඉනිම - 157 (ඕවර 31) දිනෙත් සිතුමිණ 43, මලිත් රූපසිංහ 41, පසිඳු ඩයස් 40 (මොහොමඩ් මික්ඩාඩ් 41/5)
0 Comments