Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංහිදියා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන හැටි මහින්ද කියයි.

Mahinda_Rajapakshe_India

ප්‍රතිසංධාන ක්‍රියාවලිය සියලුම ජන කොටස් සඳහා විය යුතු බවත් හිදියාව ඇති කළ යුත්තේ රට තුළ ආවේනික ලෙස ගොඩනැගුනු අපේ සමාජයේ මුල්බැස ගත සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් ගරු කරන සහ අපේ දිවයින තම නිවහන කරගත් සියලුදෙනාට සාධාරණය ඉටුවන ආකාරයට බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ඒ ඊයේ පස්වරුවේ නවදිල්ලි නුවර පැවති සම්මන්ත්‍රණයක දේශනයක් සිදු කිරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා,

“මුලින්ම මට පොදුවේ පවතින දුර්මත කිහිපයක් නිවැරදි කරන්න අවස්තාව දෙන්න. අපි කිසිම අවස්ථාවක වාර්ගික යුද්ධයක් සිදු කළේ නැහැ. හමුදා ක්‍රියාමාර්ග දෙමල ජන සමාජය ඉලක්ක කරගත්ත එකක් වුණේ නැහැ. මම මගේ හමුදාවන් සටනට යැව්වේ, ත්‍රස්තවාදීන් මානුෂීයව සැලකිය යුතු සියලු දේ ඉවතට දැමීමෙන් පසුවය. ඔවුන් ඉතා වටිනා ජල සැපයුම පවා කප්පාදු කළා. අතීතයේ අවස්ථා ගණනාවකදී ත්‍රස්තවාදයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයන් විදේශීය පීඩනය හමුවේ නවතා දැමීමට සිදු වුණා. ඒ ප්‍රශ්නයත් එක්ක හරඹ කරන්නට සිදු වුණේ මටයි. යුද්ධයේ අවසාන කාලවකවානුවේදී එක්සත් රාජධානියේ විදේශ ලේකම් සහ ප්‍රංශයේ විදේශ ඇමැති ඇවිත් මාව හමුවුණා. ඔවුන් එහිදී දැඩිව බල කරමින් කියා සිටියා යුද ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන නොයන ලෙස. මම ඔවුනට පිළිතුරු දුන්නා. ත්‍රස්තවාදයේ අවසානය පෙනෙන මානයේ සිටියදී මම ඔවුන්ගේ බල කිරීමට එකඟ වුණා එය අන් කිසිවක් නොවේ මගේ රට පාවාදීමක් බව. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පසු අපි ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම්වලට අවධානය යොමු කළා. දශක දෙකක විරාමයකින් පසු මගේ රජය උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වුවා. අවාසනාවන්ත විදියට දැන් අපිට වසර දෙකහමාරක් තිස්සේ මැතිවරණයක් නැහැ. වත්මන් රජය පළාත් සභා මැතිවරණයත් කල් දාලා තියෙනවා. මගේ රට වෙනුවෙන් මගේ දැක්ම වෙන්නේ මුහුකුරා ගිය එකමුතු බවක් ඇති ජාතියක් ගොඩනැගීමයි. මම ඉතාම ඕනෑකමින් බලාපොරොත්තු වනවා මුස්ලිම් සහ දෙමල නායකයින් සමඟ සුදුසු දේශපාලනික සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ජා කරන්නට. ප්‍රතිසංධාන ක්‍රියාවලිය සියලුම ජන කොටස් සඳහා විය යුතුයි. සංහිදියාව ඇති කළ යුත්තේ රට තුළ ආවේනික ලෙස ගොඩනැගුනු අපේ සමාජයේ මුල්බැස ගත සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් ගරු කරන සහ අපේ දිවයින තම නිවහන කරගත් සියලුදෙනාට සාධාරණය ඉටුවන ආකාරයටයි.එය මම ඉදිරි ආණ්ඩුවක් යටතේ ඇති කරනවා. අපේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයක් වනු ඇත්තේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්පුර්න අවබෝධයයි. මගේ මේ සංචාරය ඒ සන්දර්භය ඔස්සේ තේරුම් ගත යුතුයි.” යැයි පැවසීය.

The post සංහිදියා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන හැටි මහින්ද කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();