සැප්තැම්බර් මස 23 වන දා සිට පළාත් කිහිපයකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල මෙලෙස සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 50ක පමණ තද වැසි ඇති විය හැකි බවද දෙපාර්තමේන්තුව පවසා සිටී.
එමෙන්ම අද (21) දිනයේ පුත්තලමේ සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවදසඳහන් වේ.
The post ඉදිරි දින කිහිපයේ ගිගුරුම් සහිත වැසි. appeared first on Lanka News Column.
0 Comments