Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඕස්ට්‍රේලියාවේ ගිහින් කිරුල හිමිකරගත් නුවන්දිකා ලංකාවේ නම බබලවමින් ගුවන්යානය තුල කල උතුම් ක්‍රියාව

නුවන්දිකා සිරිවර්ධන දැන් ලංකාවේ කොයි කවුරුත් දන්නවා. ඇය වෛද්‍යවරියක් මෙන්න රූ රැජිණක්. ඇය ඕස්ට්‍රේලියාවෙ ගිහින් එහිදි රූ රැජිණ කිරුල හිමිකර ගත්තා. ඇය ගුවන්යානයේ එන අතරතුර රෝගියකුට කල ප්‍රතිකාරයක් ගැන තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනේ මෙහෙමයි.

පර්ත් අහසේදී……
සිංගප්පූරුවේ ගුවන් යානය තුලට..
ගොඩ උනේ ගම් බිම් බලා යන්න හනි හනික…
මොහොතකින් ගුවන් ගත වෙලා ඇදෙන විට පෙරට…
දුටුවෙ කලබලයකි ඉදිරියේ අසුන මත…
දිව ගියේ ඒ දෙසට රෝහලේ පුරුද්දට….
අසුනකට බර වෙලා මලානික රෝගියෙක්
හිදින අයුරට මමත් ගල් වුනා මොහොතකට
කර කියා ගනු බැරිවැ සේවිකාවන් රැලම
දුවනවා එහෙ මෙහේ ඉල්ලමින් පිලිසරන…
ලන්වෙලා ඔවුන් වෙත පවසලා වෙදෙක් බව..
පැවසුවා පිලිවෙලට ඉද සහය දෙන ලෙසට..ලන් වෙලා බලන විට දැනුනි හුස්්මේ ස්වරය
නාඩියේ නම් ගැස්ම දැනුනෙ නොදැනෙන විලස…
හදවතට අත තියා බැලූ විට පෙර පිනට
ගැහෙයි එය නම් යසට සුර ලියක් දුටු ලෙසට…
මුවේ දාඩිය බින්දු ගලා ගිය රිද්මයට..
දිය වැඩිය රෝගියෙක්.. අඩු සීනි වෙලා වත්ද??
එකියකට පැවසුවා ඔක්සිජන් දෙන ලෙසට.තවකෙකුට පැවසුවා දෙපා ඔසවන ලෙසට..
හදිසි ප්රතිකාර ඔසු හොයා ගෙන එන ලෙසට..
ගල් ගැහුනු එකියක්ව එලෙවුවා පුරුද්දට..
හනි හනික බලන විට පරික්ෂආ කරලා..
අඩු සීනි බව දැකලා සැනසුමක් හෙලුනා..
පිලිතුරක් සොයා ගෙන පිලිසරනා කෙරුනා
පියවුනු ඔහුගෙ දෑස සෙමින් දිග හැරුනා…
ගුවනේ ගමන් පතය ඒ ලෙසම කෙරුනා..
අකමැති උවත් වවුචරය මට ලැබුනා..
සේවිකාවන් රැලගේ සැහැල්ලුව දැකලා..
කනස්සලු මගෙ හිතට සතුට ගොඩ ගැලුවා..

ගුවනේදී… 
Dr නුවන්දිකා…..

1 2

3 4



from Gossip Lanka News & Video https://ift.tt/2OvQliH
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();