Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෝටි 16ක හිඟ බදු ගෙවීමට ලංවිමට දෙමසක කාලයක්.

electricity_Strike_Ends

ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට හිඟ බදු ලෙස ගෙවීමට ඇති රුපියල් 162, 066,600 ක මුදල මාස දෙකක් තුළ ගෙවා අවසන් කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බව සඳහන් වේ. ඒ, මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන දිසා අධිකරණයේ පවරා තිබූ නඩු 6ක් ඊයේ කැඳවූ අවස්ථාවේදී ය.

විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව මහජන උපයෝගීතා කොමිසමට බදු ගෙවිය යුතු වුවත් 2018 වර්ෂය සඳහා තමන්ට ගෙවිය යුතු රුපියල් 162,066,600ක මුදලක් නොගෙවා ඇති බැවින් මණ්ඩලයේ දේපළ තහනම් කර අදාළ බදු මුදල් තමන්ට අය කර දෙන මෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව අධිකරණයෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව, එම මුදල දෙමසක් තුළ ගෙවා අවසන් කරන ලෙස නියෝග කළ කොළඹ දිසා විනිසුරු ජානකී ද අල්විස්, නඩුව නොවැම්බර් 27 වනදා යළි කැඳවීමට ද නියෝග කඇ ඇත.

The post කෝටි 16ක හිඟ බදු ගෙවීමට ලංවිමට දෙමසක කාලයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();