Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්ද කියන ආණ්ඩුවේ කුමන්ත්‍රණය.

president-mahinda-rajapaksa-newsfirst-626x380

ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණය විහිලුවක් බවට පත්කර ඒ පිළිබඳ පරික්ෂණ යටපත් කිරීමේ උත්සහයක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කර සිටී.  ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 154 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට එක්වෙමින් හිටපු ජනපතිවරයා මෙම අදහස් පළකර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,

“දැන් රටේ ජනාධිපතිවරයා ඝාතනය කරන්න තියෙන කුමන්ත්‍රණයක් ගැන කිව්වා. අද වෙනකන් අත්අඩංගුවට ගැනීමක් නැහැ. වැඩ තහනම් කිරීමක් නැහැ. පොලීසියේ ඉන්නකොට පොලිසියේ අය සහයෝගය දක්වනවනේ. එතකොට වැඩ තහනම් කිරීම තමයි මුලිකව කරන්නේ. නැත්තම් විත්තිකාරයෙක් අරන් ගිහිල්ලා ඇප නොදී මාස ගණන්, අවුරුදු ගණන් තියාගෙන ඉන්නේ බලපෑම් කරයි කියලා. මෙයා පොලිස් නිලධාරියෙක්. අනික් එක රෑ 11ට ගිහිල්ලා ප්‍රශ්න කරනවා, මොන විකාර විහිලුවක්ද මේක? ජනාධිපතිවරයාගේ ඝාතනය පිළිබඳව මේක විහිලුවකට ලක් කරනවද මේ කට්ටිය? මේක විහිලුවකට ලක් කරලා යට කරන්න හදන්නේ. ඒක තමයි මූලික අරමුණ. ජාතික ආරක්ෂාව පිළිබඳ ලොකු ප්‍රශ්නයක්නේ ජනාධිපතිවරයාට මේ වගේ තර්ජනයක් තියෙනවා කිව්වම ඇතුළෙන්ම පොලිසියෙන්ම.” යැයි පැවසීය.

The post මහින්ද කියන ආණ්ඩුවේ කුමන්ත්‍රණය. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();