Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැති ඉම්රාන් ඛාන් වාහන වෙන්දේසි කරයි

ඉම්රාන් ඛාන්ගේ අග්‍රාමාත්‍ය කාර්යාලය සතු වූ වෙඩි නොවදින සු‍ඛෝපභෝගී වාහන ඇතුළු වාහන පෙළක් වෙන්දේසි කිරීම ඊයේ (17) සිදු කළේය.
 
ඒ රජයේ මූල්‍ය අර්බුදයට විසදුමක් ලෙසය.
 
මෙලෙස වෙන්දේසි කළ බොහෝමය රථ, හිටපු අගමැති නවාස් ෂරීෆ් විසින් මිලදී ගෙන තිබූ වාහන බවද වාර්තා වේ. 
 
ඉස්ලාමාබාද් නුවර අග්‍රාමාත්‍ය නිවසේ ආලින්දයේ පැවති මෙම වෙන්දේසිය මගින් ඩොලර් මිලියන 16ක් ඉපයීමට අපේක්ෂා කර තිබුණි.
 
නමුත් මෙහිදී  උපයා ගැනීමට හැකි වී ඇත්තේ ඩොලර් ලක්‍ෂ 06 පමණි.
 
වාහන 100ක් පමණ වෙන්දේසියට ඉදිරිපත් කළ ද ඩොලර් මිලියන 1.3 බැගින් මිල කෙරුණු මර්සිඩීස් වර්ගයේ වාහන දෙකක් ඇතුළු සුපිරි වාහන රැසක් අලෙවිවී නොමැති බව වාර්තාවේ.වෙන්දේසියේ දී අලෙවි වී ඇත්තේ වාහන 62ක් පමණක් බවද සදහන් වේ.
 
මෙම වෙන්දේසිය සඳහා ගැනුම්කරුවන් 500ක් පමණ සහභාගී වී ඇත. 
 
එසේම මේ මස අගදී හෙලිකොප්ටර් යානා කිහිපයක් ද වෙන්දේසි කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();