Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චීන – ඇමෙරිකා විරසකය උත්සන්න වෙයි.

America_China

ඇමෙරිකාව චීනයෙන් ආනයනය කරන ඩොලර් බිලියන 200 ක වටිනාකමින් යුත් භාණ්ඩ සඳහා නව බදු පනවා ඇති බව සඳහන් කර සිටී.  ඒ, දෙරට අතර පවතින වෙළෙඳ යුද්ධය තවදුරටත් උත්සන්න කරමිනි.

මෙම නව ආනයන බදු චීන භාණ්ඩ 5000 කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින් පැනවෙන අතර මෙය අමෙරිකාව මෙතෙක් චීනයට එරෙහිව පැනවූ විශාලම බද්ද ලෙස සටහන් ය. නව බදු සඳහා චීනයෙන් ආනයනය කෙරෙන අත්බෑග් සහල් සහ රෙදිපිළි ද ඇතුළත් ය.

ලබන 24 වන දින ක්‍රියාත්මක වීමට නියමිත මෙම බදු 10% සීමාවේ සිට ඇරඹෙන අතර දෙරට මේ පිළිබඳ එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් ලබන වසරේ සිට එය 25% ක් දක්වා ඉහළ නැංවෙනු ඇති.

මෙම නව බදු චීනයේ අසාධාරණ වෙ‍ළෙඳ ප්‍රතිපත්තිවලට පිළිතුරක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් චීනය ඊයේ කියා සිටියේ අමෙරිකාව නව බදු පැනවුවහොත් ඊට එරෙහිව ප්‍රතිචාර දක්වන බවයි .

The post චීන – ඇමෙරිකා විරසකය උත්සන්න වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();