Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මොහොතින් මොහොත වෙනස්වන අල්ලේ රේඛා





මනුෂ්‍යයින් අතර රූප ලක්ෂණ ගති ක්‍රියාවන්ගෙන් එක සමාන දෙදෙ‍නෙක් සොයා ගැනීමට නොහැකි වන්නා සේම එක් පුද්ගලයෙකුගේ අත් දෙකේද එක නම් කරණ රේඛා එකම ස්වභාවයෙන් ඇති මනුෂ්‍යයෙකු සොයා ගැනීම ද ඉතා දුෂ්කරය. අත්‍ දෙකේ ද බොහෝ විට වැටෙන රේඛාවෝ එකකට එකක් වෙනස් ය.

ඔබේ අත් දෙකේ ශුභ රේඛා එක සමාන නම් උත්තරීතර පලද අශුභ රේඛා ඒ ආකාරයට ඇත්නම් අනිෂ්ට පල විපාකද සිදුවන බව වේද දර්ශනයේ මතයයි.

බොහෝ විට පිරිමින්ගේ දකුණු අල්ලේ වැටෙන රේඛා වම් අල්ලේ නැත. වම් අල්ලේ වැටෙන රේඛා දකුණු අල්ලේ නැත. සිතුම් පැතුම් ක්‍රියා කාරකම්ද රේඛා මොහොතින් මොහොත වෙනස් කරයි.

මිනිස් මොළයේ ක්‍රියා කාරකම් අනුව රේඛා‍ වෙනස් වන්නේය. දවසේ සුර්ය උදාව අනුවද රේඛා චලනයෙන් වෙනස් වේ.

ඔබේ අල්ලේ රේඛා සැබැවින්ම දිනපතාම වෙනස්වේ. එහෙත් පෙර කර්මපල රේඛා වෙනස් නොවේ. ධර්මයක් නොඅදහන මනුෂ්‍යයන්- උන්මත්තකයන් රේඛා වෙනස් නොවන අත් ඇති අය ය.

අල්ල මිනිස් සිරුරේ විවිධ අංශවල නිල සම්බන්ධ බව ජ්‍යෝතිෂ්‍යයේ මෙන්ම හස්ත සාරයේද දේහ ලක්ෂණ විද්‍යාවේද - දේශීය වෛද්‍ය විද්‍යාවේද සඳහන් වේ. ඔබේ අල්ල ඔබේ ශරීරය නමැති කර්මාන්ත ශාලාවක් නම් එය ක්‍රියාත්මක කෙරෙන නිල යතුරු පුවරුවයි. අල්ලේ රේඛා අතර ඔබේ හිස මුදුනේ සිට දෙපතුල දක්වා රෝග සුව කරන නිල පුරාණ දේශීය වෛද්‍ය විද්‍යාවේ (රාවණා වෙදකමේ ) හඳුන්වා දී තිබේ. ඒවා විදුම් පිළිස්සුම් ශාස්ත්‍රයක් ලෙස කටු චිකිත්සාවලියේ එයි.

ලෙඩක් හැදෙන්නට කළින් අල්ලේ වැටෙන ලප කැළල්වලින් රෝග තත්ත්ව අනාවැකි පළ කරයි.

අල්ලේ ලග්න රාශි වගේම නැකත් තිථිවලට හිමි තැන්වලින් එහි වැටෙන ලාංජනවලින් මේ අනාවැකි කිව හැකිය. මේවා චන්ද්‍රභාරණයේ එන නැකත් තිථි වලින් ඔබ ගැන කියවෙන හැඩරුව පලාපලවලට බොහෝ කිට්ටුය. ඔබ මෙලොව ජීවත්වන්නේ පොළවේ පමණක් නොව ඉරේ හ‍ඳේ ගමන් වේග යත්‍රත් සමඟය. ඉර වටේ යන ග්‍රහ තාරකාවන්ගේ චලන ශක්තින්ගෙන් වැටෙන කිරණ ශක්තීන් මහ පොළවට බලපාන්නා සේම ඔබට ද බලපාන්නේය. ඔබ කතා කරන වචනය පමණක් නොව ඔබේ ක්‍රියාවලී දාමයද ඔහු සිතන පතන යහපත් හෝ අයහපත් සිතුවිලි ද විශ්වය දනී. අල්ලේ කර්මපල රේඛාවේ එය ලියවෙන්නේ ය. මේ කර්මපල රේඛාවේ දිගේ ඔබේ හද ගැස්ම අඩු වැඩි වීම් සිදුවන්නේ විශ්ව ග්‍රහ තාරකාවල ශක්තියෙනි.

සියලු ආගම්වල ප්‍රධානම න්‍යාය වී ඇත්තේ ඔබේ හද ගැස්ම එක්තරා රිද්මයකට පාලනය කිරීමයි. එය ඔබ පානය කරන ටොන් ගණනක මහා වායු ප්‍රමාණය පාලනය කිරීම ඔබ වැඩිකල් ජීවත් කරවීමට හේතුවන බව පුරාණ සෘෂි මතයයි. එයින් පාලනය වන්නේ ඔබේ සිතුවිලිය.

ඔබේ සිතුවිලිවල චක්‍රය ඔබේ හිසේ පටන් අතපය දක්වා බැඳී පවතින බව සෘෂිවරුන්ගේ මතයයි. ආදරය ඔබේත් - මගේත් - සියලු සත්වයින්ගේත් ප්‍රධානතම ආගමයි. ඔබේ ශරීරයම පමණක් නොව අල්ලේ රේඛා ද මේ ආදරය නමැති තරංගවලට අයත්ය. ඔබ කොහොම කීවත් ජීවත්වන්නට ආශාය. මෙලොවින් වෙන්ව යන්නට කැමති නැත. ඔබේ විශ්වයේ මහ බැදුම් කාරයා ඔබ ජීවත්වන පරිසරයයි. එය ඔබේ ජීවයේ පවුලයි. මහ පොළව දවසකට කොච්චර කම්පා වනවාද? ඒ භූ කම්පනයන්ය. මහ පොළොව අභ්‍යන්තරයේ සිදුවන කම්පන සංඛ්‍යාව වර්ෂයකට දස ලක්ෂයකටත් අධික බව නවීන විද්‍යාඥයෝ පර්යේෂණවලින් සොය‍ාගෙන ඇත. ඒවා සියල්ල මුහුද යටය. මහා පරිමාණ ඒවා සිදුවන්නේ කිහිපයක් පමණකි.

විශ්ව තලයේ සුර්ය - චන්ද්‍රයා පමණක් නොව ආකාශචාරී සෙසු ග්‍රහයින්ගේ ක්‍රියාකාරකම් ද ඒවායේ කිරණ ආකර්ශන ද මේ ක්‍රියා කාරකම්වලට හේතුවේ. ඔබේ හදවත ද ඊට යටත් ය. ඔබේ අල්ලේ වැටෙන රේඛාවෝද ඊට යටත් ය. මොහොතින් මොහොත මේ රේඛා ග්‍රහ චලනය අනුව ඔබේ අල්ලේ වර්ණ ආලෝක සමඟ වෙනස් වේ. ඒ ඔබේ සිතුවිලි සමඟය.

හස්ත රේඛා විද්‍යාවේ කියවෙන වැදගත්ම සිද්ධාත්තය වන්නේ මනුෂ්‍යයෙකුට වන විපත හෝ ඔහුගේ ක්‍රියාකාරකම අල්ල දෙස මනාව බැලීමෙන් වටහා ගැනීමයි. පුරාණ සෘෂිවරුන් සාමුද්‍රිකා ශාස්ත්‍රයෙන් ඔබ මෙලොව උපදින විටම ඔබ පෙර ආත්මයෙන් ගෙනා කර්මපලය හඳුනාගෙන ඇත්තේ ඔබේ අල්ලේ වැටෙන කර්මපල රේඛාවෙනි. එය අල්ල මැදින් පංචාංගුලි වෙත විවිධාකාරව විහිදේ. මෙය අල්ලේ මැදඟිල්ලට මැණික් කටුවේ සිට වැටේ.

මැදඟිල්ල අයත් ශනි ග්‍රහයාට ය. එය ශනි මිනිසාගේ පින් පව් ක්‍රියා දෙන ග්‍රහයා වශයෙන් ජ්‍යෙතිෂ්‍ය විද්‍යාවේ සඳහන් වන්නේය. හොඳ වගේම නරක මෙනෙහි කරන ශක්තියයි. මෙම රේඛාව ශනි රේඛාව වශයෙන් ද දෛව රේඛාව ලෙසද වාසනා රේඛාව ලෙසද උර්ධව ධන රේඛාව ලෙසද ඉන්දියානු සමාජය තුළ භාග්‍ය ඇති කරන ශ්‍රී ලක්ෂ්මි රේඛාව ලෙස ද නම් කර ඇත්තේය. පෙර කරන ලද කර්මය පලදෙන රේඛාව අල්ලේ සප්ත ග්‍රහ මංඩලවලට ගමන් කරන හැටි (හස්ත රේඛා) සමුද්‍රික ඉර්ෂීන් විසින් එහි ප්‍රතිඵල විවිධාකාරව දක්වා ඇත්තේය ඔබේ ඇඟිලි තුඩේ පටන් සටහන් වන රේඛා හා බැඳුණු මේ කර්මපල රේඛාව මිනිස් අල්ලක ඇති බලවත්ම ක්‍රියාකාරිත්වයයි. මෙම රේඛාව අත්ල මුලින්ද - සදු මංඩලයෙන්ද ජීවන රේඛාවෙන්ද කුජ තලාවෙන් හෙවත් අල්ල මැදින්ද මැදඟිල්ලේ මුල දක්වා වැටේ.

ජීවන රේඛාව මෙන්ම මෙය ද මනුෂ්‍යයාගේ ආයුෂ අනුව මැණික් කටුවේ සිට අවුරුදු 120 කට බෙදේ. මෙම රේඛාවේ කැපීම් කැඩීම් කෙටීම් අනුව සිදුවන විපත්ති හස්තසාර විද්‍යාවේ එයි. මෙම රේඛාව දුර්වර්ණව කිසියම් අල්ලක පිහිටියේ නම් නොයෙක් විපත්ති සිදුවීමද අග ඇදවී මුල ඇද නොවී පිහිටියේ නම් මුලදී ඉතා ධනවත්තව සිට මහලු වයස්හි දිළිඳු වීමද ඇද නැතිව මනාසේ පිහිටියේ නම් අතු සහිත වී නම් පළමුව ධන හීන භාවයට පත්ව ක්‍රම - ක්‍රමයෙන් ධනය - බලය - කීර්තිය ලබන බවද පෙන්වා දී තිබේ.

මෙම රේඛාව ඉතා යහපත් උතුම් ගති ගුණ මනුෂ්‍යයෙකුගේ මණින රේඛාවයි. තවද මෙම රේඛාව දික්ව පළල්ව පිහිටීම ප්‍රමාණයට වඩා වියදම් කරන අයෙකි. රේඛාව පැලීගිය ස්වභාවයෙන් යුත්ත නම් විපර්යාස ජීවිතයක් ගත කරන්නෙකි. රැලි සහිතව පිහිටියේ නම් රැකී රක්ෂාදියට බාධා සිදුවන්නා වූ කාලයකි. තැනින් තැන කැපීම් පිහිටියේ නම් නොයෙක්වර මහත් පීඩා විඳින්නා වූ අයෙකි. මෙම රේඛාව උඩුකුරු අතට ‍නොයෙක් අතු විහිදීම් සහිතව පිහිටියේ නම් ඉතා සුබ ලක්ෂණයක් වේ. උතුම් ගුණ ධර්ම ඇති අයෙකි. ධාර්මික කල් ක්‍රියා ඇති අයෙකි. මෙම ලක්ෂ්මී රේඛාව නිවරදිව පිහිටීම එහි විවිධ සංඛ ධජ- පද්ම - ත්‍රිශූල ලකුණු පහළවීම ඉතා උතුම් ලකුණුය. රාජ ලකුණුය.

මේ සමඟ ඇති සිතියමේ රේඛාවේ විහිදීම් ඔබේ ජීවිතයට බලපාන හැටි දක්වා ඇත.

1.) දෛව රේඛාව හෙවත් උර්ධව රේඛාව ශනි මග ‍ෙර්ඛාව වාසනා රේඛාවය නමින් හැඳින්වෙන මෙම රේඛාව අත්ල මුලින් ඊතල ආකාරයෙන් පටන්ගත් විට එය ඉතා ශුභ ලක්ෂණයකි. ඉතා වාසනාවන්ත වීම හා බොහෝ වස්තූන් ඇතිවීම සිදුවෙයි. විවාහය සඵල නොවේ.

2.) දෛව රේඛාව හෙවත් වාසනා රේඛා රවි මංඩලය හා ශනි මංඩලය අතරට වැටීම කළින් කලට වස්තු ලැබීම සිදුවෙයි.

3.) දෛව රේඛාව අත් කරේ මැණික් කටුවේ සිට ශනි ඇඟිල්ල මුලට වැටීම සියල්ලටම ඒකාකාරව යහපත් වීම ද හදිසි මුදල් ලැබීම ද සියලු වාසනාවන් සපිරි කෙනෙක් වෙන්නේය.

4.) චන්ද්‍ර මංඩලයේ සිට රවීගේ ( ශිල්ප) මංඩලයට මෙවැනි රේඛාවක් වැටුණි නම් ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයක්ද විද්‍යා ශාස්ත්‍රාදි ශිල්පයන් ද දත් කෙනෙක් වේ.

5.) වාසනා රේඛාව හෙවත් දෛව රේඛාව අත් කරේ මැද සිට බුද මංඩලයට මාතෲ රේඛාවට වැටීම මහත් වාසනාවන්ත බවද ධනවත් භාවය ද කීර්තියද වෙළඳාමද රැකී රක්ෂා ඇති වීමද සිදු වේ.

6.) සිකුරු මංඩලයේ සිට විකෘති කුජ මංඩලයට වාසනා රේඛාව වැටීම යුධ බිමේදී ජය කීර්තිය ලබන ධනය ලබන ලක්ෂණයකි.

7.) චන්ද්‍ර මංඩලයේ සිට ශනි රේඛාව ශනි මංඩලයට හොදාකාරව වැටීම පුරුෂයෙකුගේ අතේ නම් ස්ත්‍රී පක්ෂයේද ස්ත්‍රියකගේ නම් පුරුෂ පක්ෂයේද ආධාරයෙන් දියුණුව ලබයි.

8.) සතුරන් අධිකවීම නිසා ධනයට හානිවේ. බොහෝ විට මේ ආකාරයෙන් දුන්නක් සේ චන්ද්‍ර මංඩලයෙන් සිකුරු මංඩලයට වැටීම පර ස්ත්‍රී සම්පත් ලබයි.

9.) ඉහළ චන්ද්‍ර මංඩලයේ සිට ගුරු මංඩලයට වාසනා රේඛාව වැටීම ධනවත් හා ඉඩම් කඩම් හිමි වන ලකුණකි.

10.) ......කුජ මංඩලයේ සිට ශනි රේඛාව ගුරු මංඩලයට වැටීම බොහෝ දුක්විද මුදල් සපයා ධනවත් වන අල්ලක වැටේ.

11.) වාසනා හෙවත් දෛව රේඛාවෙන් අල්ලේ මුදුනේදී රවි-ශනි-ගුරු ත්‍රිකෝෂයක් ලෙස යෙදීම ජීවිතයේ අග භාගය මහත් භාග්‍ය සම්පන්න පුද්ගලයෙකු වන ලක්ෂණයකි.

12.) අත් කරේ සිට ගුරු මංඩලයට දෛව රේඛාව හෙවත් වාසනා රේඛාව වැටීම ගම්බිම් නගර රටක කිසියම් බල නායකයෙකු වීමයි. භූමිපතියෙකුවන ලක්ෂණයයි.

13.) දෛව රේඛාව හෙවත් ශනි රේඛාව අල්ල මැදින් පටන්ගෙන ප්‍රකෘති කුජ මංඩලයට වැටීම දුක් සහිත කාලයක් උදාවෙයි.

14.) මේ ආකාරයට වක්‍රවී නම් සොර සතුරු බිය මැද ජීවත්වන්නෙකි.

15.) ශනි ඇඟිල්ලේ මැදට දෛව රේඛාව හෙවත් වාසනා රේඛාව වැටීම ධනය අර්ථ හානිකර දේට යොදවයි. බලාපොරොත්තු අධිකය.

එච්.ඩබ්ලිව්. අභයපාල
silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();