Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විමල්ගේ නඩු තීන්දුවට දින දෙයි.

Wimal

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වා මංමාවත් අවහිර කරගෙන මහජන පීඩාවක් ඇති කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු හයදෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපත් කළ සංශෝධිත පැමිණිල්ල පිළිබඳ නියෝගය නොවැම්බර් මස 12 වනදා  ප්‍රකාශ කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(17) නියම කර ඇතැයි සඳහන් වේ.

අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් හයදෙනෙකුට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි. එමෙන්ම මෙම සිද්ධියට අදාළව මුලින්ම සැකකරුවන් හත් දෙනෙකුට එරෙහිව කරුණු වාර්තා කර තිබුණත් මෙම සංශෝධිත පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ සැකකරුවන් හයදෙනෙකුට එරෙහිව බවද පොලීසිය සඳහන් කර තිබේ.

පොලිසියේ ඉල්ලීම සටහන් කරගත් ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක සංශෝධිත පැමිණිල්ල පිළිබඳ නියෝගය නොවැම්බර් මස 12 වනදා ප්‍රකාශ කරන බව නියම කර ඇත.

The post විමල්ගේ නඩු තීන්දුවට දින දෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();