Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාන්, බනිස් මිල යළිත් ඉහළට.

Bakery _Products_01

පාන් සහ බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව සඳහන් වේ. බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා ෆාම් ඔයිල් සඳහා රජය නව බදු පැනවීමත් සමඟ මෙසේ මිල ඉහළ දමන බව එම සංගමය සඳහන් කර තිබේ.

තිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් පාන් රාත්තලක සහ කොත්තුවක මිල ඉහළ දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය, මීට පෙර පසුගිය 03 වනදා ප්‍රකාශ කර තිබිණි. එහෙත් පසුව එම සංගමය නැවතත් සඳහන් කළේ සියලුම පිටි ආශ්‍රිත නිෂ්පාදනවල මිල රුපියල් 5කින් ඉහළ දමන බවයි.

කෙසේ වෙතත් එම සංගමයේ සභාපති අසේල සම්පත් එවර සඳහන් කළේ පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට සිටින පාරිභෝගික සේවා අධිකාරිය නිසි පරිදි මැදිහත් වී අවශ්‍ය පියවර නොගැනිම නිසා එම තත්වය උද්ගතවී ඇති බවයි.

The post පාන්, බනිස් මිල යළිත් ඉහළට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();