Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බස්නාහිර පළාත් සභාවේ පුදුම දොරක්.. වියදම කෝටිය පනී..

Western

පසුගිය කාලයේ බස්නාහිර පළාත් සභාව, දේශපාලන වේදිකාවේ හොඳම මාතෘකාවක් විය. ඒ ලක්ෂ හයහමාරක පුටු 125ක් හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් කතාබහක් ඇතිවුනේ ජවිපෙ මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චිගේ හෙළිදරව්වක් සමගිනි. මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිිටි මන්ත‍්‍රීවරයාට තවත් කරුණු ගණනාවක් පිළිබඳව තොරතුරු වාර්තා විය. පුටු සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලැබුණු බව සැලවුණු මන්ත‍්‍රීවරයා ඔහුට දුරකතන ඇමතුමක් ලබාදුන්නේ කරුණු විමසා බැලීමටය.

“ආණ්ඩුකාරතුමා මට ආරංචියක් ලැබුණා පුටු ගැන විමර්ශන වාර්තාවක් ඔබතුමාට ලැබුණා කියලා. මට ඒකෙන් කොපියක් ගන්න පුළුවන්ද?” ලක්ෂ්මන් නිපුණාරච්චි විමසීය.

“මන්ත‍්‍රීතුමා ඒක රහස්‍ය වාර්තාවක්නේ. ඒක ගැන තව කරුණු හොයන්න ඕනෑ. මම මාධ්‍ය සාකච්ඡාවක් තියන්න තමයි හිතාගෙන ඉන්නේ.” ආණ්ඩුකාරවරයාගේ පිළිතුර විය.

කෙසේ වෙතත් පුටු පිළිබඳ ටෙන්ඩරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුවේ බස්නාහිර පළාත් ලේකම්වරයා ප‍්‍රධානියා වන අතර ඔහු ටෙන්ඩර් මණ්ඩලයේද සාමාජිකයෙකි. රහස ඇත්තේ එතැන බව මන්ත‍්‍රීවරයාට දැනගන්නට ලැබිණි. එමෙන් තවත් වංචා දූෂණ ගණනාවක් ගැනද මන්ත‍්‍රීවරයාට දැනගන්නට ලැබී තිබේ. ඒ පළාත් සභා ගොඩනැගිල්ලේ පුදුමාකාර දොරක් පිළිබඳවය. එම දොර සඳහා කෝටියකට අධික මුදලක් වියදම් කර ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇත. කෙසේ වෙතත් මේ පිළිබඳව මන්ත‍්‍රීවරයා පළාත් සභාවෙන් ප‍්‍රශ්නයක් විමසා ඇති අතර පිළිතුරු අපේක්ෂාවෙන් සිටියි. කෙසේ වෙතත් ලක්ෂ හයහමාරේ පුටුවල අසුන්ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි මන්ත‍්‍රීවරුන් ලක්ෂ්මන් නිපුණාරච්චි සමඟ ප‍්‍රකාශ නොකළ හැකි කෝපයෙන් පසුවන බවද දැනගන්නට තිබේ.

The post බස්නාහිර පළාත් සභාවේ පුදුම දොරක්.. වියදම කෝටිය පනී.. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();