Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගම්මන්පිලගේ දෙබිඩි ප‍්‍රකාශ වටගලගේ ප‍්‍රකාශ ඉදිරියේ පුස්සක් වෙයි.

20th

20වැනි සංශෝධනය සම්බන්ධයෙන් පෙත්සම් විභාගය ආරම්භ කෙරුණු දිනයේ පෙත්සම් විභාගයට පෙර පෙත්සම්රුවෝ සහ විත්ති පාර්ශවයේ සියලූ දෙනා ශ්‍රේෂ්ඨාධිකරණ සංකීරණයේ කතාබහක නිරත වූහ. මේ අතර සුනිල් වටගල, උදය ගම්මන්පිල සහ තවත් නීතිඥ පිරිසක්ද සිටියහ. විධායක ජනාධිපති ධුරය පිළිබඳව මෙන්ම මාක්ස්වාදී දේශපාලනය සම්බන්ධයෙන්ද විවිධ තර්ක විතර්ක ඉදිරිපත් විය.

“මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා ජනතාව ඉදිරියේ පොරොන්දු වුණා. පක්ෂ එක්ක ගිවිසුම් ගැහුව්වා. ඔබතුමා ඒකට සහය දුන්නේ ඇයි විධායක ජනාධිපති ධුරය තියාගන්න ඕන නම්.” සුනිල් වටගල ගම්මන්පිල මන්ත‍්‍රීවරයාගෙන් විමසා සිටියේය.

“ජවිපෙ එක්ක ගිවිසුම ගැහුව්වට පස්සේ රාජපක්ෂ මැතිතුමා අපිත් එක්ක සාකච්ඡාවට ආවා. අපේ පැහැදිලි කිරීම්වලින් පස්සේ එතුමා තේරුම්ගත්තා විධායක ජනාධිපති ක‍්‍රමය ඕන කියලා” ගම්මන්පිල ලබාදුන්නේ අපූරු පිළිතුරකි.

“ඒක පුදුම කතාවක්. මහින්ද රාජපක්ෂ මහත්තයා තේරුමක් නැතුවද විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා ගිවිසුම් අත්සන් කළේ. මේ විදියට ජනතාව ගොනාට අන්දන්නද එයා කටයුතු කළේ.” වටගල, ගම්මන්පිලගෙන් පෙරළා ප‍්‍රශ්න කළේය.

“විධායක ජනාධිපති ක‍්‍රමයෙන් රටවල් හදලා තියෙනවා. අපි 20 ගැන නීතිඥයින් එක්ක පැය ගණන් සාකච්ඡුා කළා. මේ 20 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය ශක්තිමත් වෙනවා” ගම්මන්පිල තවත් පරස්පර ප‍්‍රකාශයක් කළේය.

“අයියෝ මන්ත‍්‍රීතුමා. එහෙනම් මොකටද 20 පරද්දන්න හදන්නේ. ඔබතුමාලා මේක දිනවන්නනේ කටයුතු කරන්න ඕනෑ.” සුනිල් වටගල සිනාසෙමින් කියා සිටියේය.

“ඔබතුමාලගෙ නායකයා කියලා තිබුණා පිවිතුරු හෙළ උරුමයේ ඉන්නේ ගම්මන්පිල විතරයි කියලා. ඔබතුමා දන්නවද? පිවිතුරු හෙළ උරුමය කියන්නේ ජවිපෙට වැඩිය ලොකු පක්ෂයක්. ඔබතුමාලට ඒක තෙරෙන්නේ නෑ.” ගම්මන්පිල කීවේය.

ගම්මන්පිලගේ කතාව අසාගෙන සිටි නීතිඥයින් සියලූ දෙනාටම පාහේ සිනා පහළ විය.

“ඒකනේ මන්ත‍්‍රීතුමා, කට්ටියගෙ හිනාවෙන්ම ඔබතුමාගෙ දේශපාලන දැනුම ගැන තේරෙනවා.” සුනිල් වටගල කියා සිටියේය.

“අනේ ඔයත් එක්ක කතා කරලා වැඩක් නැහැ” කියමින් ගම්මන්පිල යන්නට ගියේ ඉන් අනතුරුවය.

The post ගම්මන්පිලගේ දෙබිඩි ප‍්‍රකාශ වටගලගේ ප‍්‍රකාශ ඉදිරියේ පුස්සක් වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();