Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘ෆ්ලොරන්ස්’ පුද්ගලයින් මිලියන 10කට පමණ බලපෑම් එල්ල කරයි.

florance

ෆ්ලොරන්ස් සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිත නිවාස ලක්ෂ හයකට පමණ විදුලි බලය ඇණහිට ඇති බවත් කුණාටුවෙන් නිවාස රැසකට ද හානි සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

ෆ්ලොරන්ස් සුළි කුණාටුවෙන් හටගත් අයහපත් කාලගුණයෙන් මේ වන විට අමෙරිකාවේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 04ක් වන අතර  කුණාටුවෙන් පුද්ගලයින් මිලියන 10ක පමණ බලපෑම් එල්ල වී තිබෙන බව සඳහන් වේ.

අධික වැසි සහ මුහුදු රළ ගොඩබිමට පැමිණීමෙන් පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී ඇතැයි, පැවසේ.

අමෙරිකානු කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කර ඇත්තේ, ෆ්ලොරන්ස් සුළි කුණාටුව පැයට කිලොමීටර් 110ක වේගයෙන් හමා යමින් ඇති බවයි. කෙසේ වෙතත් ඇමරිකානු කාලගුණ බලධාරින් සඳහන් කර ඇත්තේ, මේ වන විට කුණාටුවේ ප්‍රබලත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවයි.

 

The post ‘ෆ්ලොරන්ස්’ පුද්ගලයින් මිලියන 10කට පමණ බලපෑම් එල්ල කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();