බැඳුම්කර චෝදනාව හේතුවෙන් කැබිනෙට්ටුවෙන් ඉල්ලා අස් වූ හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක නැවත කැබිනට් මණ්ඩලයට පත් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බව සඳහන් වේ. ඒ සඳහා නීතිමය බාධාවක් තිබෙන්නේද යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසීමට හා නීති උපදෙස් ලබා ගැනීමට ද තීරණය කර තිබෙන බවත් පැවසේ.
පසුගියදා රැස් වූ එක්සත් ජාතික පක්ෂ දේශපාලන කමිටුව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණ ඇති අතර රවී කරුණානායක කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් නැවත කැබිනට් මණ්ඩලයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විරෝධයක් නොමැති බව ජනාධිපතිවරයා තමන් වෙත දැනුම් දුන් බවයි.
රවී කරුණානායක කැබිනට් මණ්ඩලයට පත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය ලබන සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිත බවත් වැඩිදුරටත් සඳහන් වේ.
The post රවී යළි කැබිනෙට්ටුවට. appeared first on Lanka News Column.
0 Comments