ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන යෝජනාව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්ථා වේ. එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර ඇති බව පැවසේ.
එහිදී පෙත්සම්කාර උදය ගම්මන්පිල පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය යනුවෙන් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි. එම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මඟින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුළු කාරණා කිහිපයක් ඇතුළත් කර ඇති බව සඳහන් කරන ගම්මන්පිල මන්ත්‍රීවරයා ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන හා හතරවන වගන්ති සෘජුවම උල්ලංඝනය කරන බව පවසා තිබේ.
මේ හේතුවෙන් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ සාමාන්‍ය ඡන්දයකින් සම්මත කළ නොහැකි බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා පෙන්වාදී ඇත.
මෙම යෝජනාව තුළින් සෘජුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
The post 20ට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්. appeared first on Lanka News Column.
0 Comments