Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යුද්ධයෙන් පීඩාවට පත් වූ හමුදා සහ පොලිස් වැන්දඹුවන් සඳහා “විරුලිය ශක්ති”.

ONUR

කාන්තාවන් සවිබල ගැන්වීම තුළින් ජාතික සමගිය හා සංහිඳියාව ගොඩ නැගීම අරමුණු කර ගනිමින් “විරුලිය ශක්ති” නමින් යුද්ධයේදී දිවිපිදු ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයින්ගේ භාර්යාවන් සහ පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) මගින් හදුන්වා දී ඇත.

කුරුණෑගල, ගාල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ඇරඹෙන මෙම වැඩසටහන ඉදිරියේදී දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලද ක්‍රියාත්මක කිරීමට නියමිතය. යුද්ධයේ දී දිවිපිදු හමුදා හා පොලිස් සාමාජිකයින්ගේ භාර්යාවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සහ ඔවුන් දිගුකාලීන තිරසාර ජීවන රටාවකට යොමුවීමට අවශ්‍ය පහසුකම් සැලසීම  මෙම “විරුලිය ශක්ති” ව්‍යාපෘතිය මගින් සිදුවේ.

තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධයේදී මව් බිම වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයින්ගේ ආදරණීය භාර්යාවන් වර්තමානයේදී ද විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් පවතින බව මේ ගැන පැවැත්වූ පුර්ව සාකච්ඡාවන්හිදී දැනගන්නට ලැබී ඇත.

තම ස්වාමි පුරුෂයා අහිමි වීමෙන් පසුව නිවසේ සියළු වගකීම් කරපින්නා ගනිමින් ඔවුන්ද විවිධ අපහසුතාවයන් විඳදරා ගනිමින් තම දුවා දරුවන් ද රැක බලා ගන්නීය.

සමාජයේ විවිධ අවස්ථාවන්ට දිරියෙන් මුහුණ දීම උදෙසා සහ තම වගකීම් ඉටු කරමින් දුවා දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය මනා ලෙස කළමණාකරනය කර ගැනීම සඳහා දිරි දීමක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාක්මක වේ. මෙම ව්‍යාපෘතිය තුළින් ඔවුන්ට පැන නගින මානසික, සමාජීය මෙන්ම තිරසාර ජීවනෝපාය ගැටලු සඳහා ද විසඳුම් සෙවීමට අපේක්‍ෂා කෙරෙන බව සඳහන් වේ.

The post යුද්ධයෙන් පීඩාවට පත් වූ හමුදා සහ පොලිස් වැන්දඹුවන් සඳහා “විරුලිය ශක්ති”. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();