Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සාවද්‍ය ප්‍රචාරයන් ගැන ජනමාධ්‍ය ඇමතිගෙන් දොස්.

 Minister of _Finance and Mass Media _Mangala

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බනධයෙන් තොරතුරු දන්නා බව අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් මාධ්‍ය කිහිපයක අසත්‍ය තොරතුරු වාර්තා කර තිබූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්ත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු තවත් පිරිසක් ඝාතන කුමන්ත්‍රණයක් පවතින බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අදාළ ඉන්දීය ජාතිකයා ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ලබාගත් තීන්දුව පදනම් කරගනිමින් ඇතැම් මාධ්‍ය වල පළවූ ප්‍රවෘත්ති අසත්‍ය බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු විටෙක ඝාතන තැතක් ඇතැයි සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් අමාත්‍ය මංගල සමරවීර පවසා තිබේ.

අදාළ සිද්ධිය ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් වන බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැඩි විමර්ශනයක් සිදුකළ  යුතු බව  එම නිවේදනයේ සඳහන් වෙයි. කෙසේ වෙතත් තහවුරු කිරීමකින් තොරව මෙවැනි බරපතළ කරුණු පළ කිරීමට සමාව දිය නොහැකි බව ද මංගල සමරවීර අමාත්‍යවරයා නිකුත් කළ  නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

The post සාවද්‍ය ප්‍රචාරයන් ගැන ජනමාධ්‍ය ඇමතිගෙන් දොස්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();