Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෙළඳ සේවා සත් සාමාජික පාපන්දු 29දා තුරඟ තරග පිටියේ

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා වෙළඳසේවා පාපන්දු සංගමය විසින් 39 වැනි වරට සංවිධාන කරන වෙළඳ සේවා සත් සාමාජික පාපන්දු තරගාවලිය මේ මස 29වැනි දා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ. මෙවර වෙළඳ සේවා පාපන්දු තරගාවලියට ‘මෝස් ඇඟලුම් ආයතනය‘ අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටී.

කාණ්ඩ 8කින් කණ්ඩායම් 24ක් සහභාගී වන වෙළද සේවා පාපන්දු තරගාවලිය කුසලාන, පලඟ සහ බඳුන ශූරතාව වෙනුවෙන් පැවැත්වේ. එයට අමතරව තවත් කණ්ඩායම් 10ක් පළිහ ශූරතාව වෙනුවෙන් මෙවර අලුතින් එක්ව සිටිති. එබැවින් මෙවර වෙළද සේවා සත් සාමාජික පාපන්දු තරගාවලියට වැඩි කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගීවී ඇතැයි වෙළඳ සේවා පාපන්දු සම්මේලනයේ සභාපති සායිෆ් යූසුප් මහතා පැවැසීය.

‘ඒ‘ සිට ‘එච්‘ දක්වා කාණ්ඩ 8කින් මූලික වටය ආරම්භවන අතර අවසන් වටය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වේ. සෑම කාණ්ඩයකටම කණ්ඩායම් 4ක් එක් කොට ඇත.

මෙහිදී අදහස් දැක්වූ වෙළඳ සේවා පාපන්දු සභාපති සායිෆ් යූසුප් මහතා පැවැසූවේ වෙළඳ සේවා අතර සිටින දක්ෂයන්ට එකම තැනකදී ක්‍රීඩා කරමින් සුහදත්වය වැඩි කර ගැනීමට මෙමගින් අවස්ථාව උදාවන බවයි. මේ වසරේ සිට මෙම තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම්වලට මුදල් ත්‍යාග වැඩි කොට ඇතැයි ද වෙළද සේවා පාපන්දු සභාපතිවරයා පැවැසීය. ඒ අනුව කුසලාන අංශයේ ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් ලක්ෂ 2ක් හා අනු ශූරයින්ට රුපියල් ලක්ෂයක් පිරිනැමේ.

පළඟ ශූරතාව වෙනුවෙන් රුපියල් ලක්ෂයක් හා අනු ශූරයන් වෙනුවෙන් 50000ක්, බඳුන ශූරතාව වෙනුවෙන් රුපියල් 50000ක් හා අනු ශූරයින්ට රුපියල් 30000ක් පිරිනැමේ. පළිහ ශූරතාව වෙනුවෙන් රුපියල් 50000ක් හා අනු ශූරයන් වෙනුවෙන් රුපියල් 30000ක් හා අවසන් පූර්ව වටයේ පරාජිතයින් වෙනුවෙන් මුදල් තෑගි පිරිනැමීමට කටයුතු යොදා ඇත.

තරගාවලියේ විනීත පාපන්දු කණ්ඩායමට, හොදම ගෝල් කීපර්. වයසින් වැඩිම ක්‍රීඩකයා තෝරා සම්මාන ප්‍රධානය කිරීමට වෙළඳ සේවා පාපන්දු සංගමය කටයුතු යොදා ඇත. මෙවර තරගාවලියට සහභාගීවන කණ්ඩායම් අතුරින් අලංකාර ‘ටී ෂර්ට්‘ කට්ටලය ඇති පාපන්දු කණ්ඩායම වෙනුවෙන් රුපියල් 20000ක තෑගි මුදලක් ලබාදීමට ද කටයුතු යොදා තිබේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();