“මේ වනවිට අනුරාධපුර දේශපාලන රැදවියන් ආරම්භ කළ උපවාසය විසදන්නට පාලකයන් වහාම මැදිහත් විය යුතු බව අප මුලින්ම අවධාරනය කරනවා. මේ රටේ අපි කිසි කෙනෙක් නැවත යුද්ධයක් ඇති වේ යැයි ප්‍රාර්ථනා කරන අය නෙවෙයි. දසක තුනක් ඇවිලුණු යුද්ධය ජීවිත දේපළ විනාශ කළා. උතුරේත් දකුනේත් කාටවත් යුද්ධයෙන් කිසිදු වාසියක් අත් වුනේ නෑ. පීඩිත ජනතාවට යුද්ධයෙන් ලබා දුන්නෙ විනාශයක් විතරයි. ලෝකයේ අත්දැකීම් ගත්තත් කවුරුවත් යුද්ධයෙන් ජයග්‍රහණ ලබා ගෙන නෑ. යුද ජයග්‍රහණ ලෙස සමරන දේවල් තිබුණට ඒවා සියල්ල තිබියදී යුද්ධය මිනිස් සමාජයට ගෙත් තියෙන්නෙ විනාශය හා පරාජය පමණයි.
දසක තුනක් ක්‍රියාත්මක වූ අපේ රටේ යුද්ධය විසින් අපට අහිමි කළ සියල්ලට වඩා මනුෂ්‍යත්වය අහිමි කළා. ඒ නිසා අප විශ්වාස කරනවා යුද්ධයක් කිසිලෙසකත් අවශ්‍ය නෑ කියලා. ඒ පදනම අනුව තමයි අපි යුද සමයේ අත්අඩංගුවට ගත් දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න බලපෑම් කළේ. ඒ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට පොරොන්දු වෙලා මේ යහපාලන ආණ්ඩුව බලයට ආවෙ. අපට වාර්තා වෙන ආකාරයට රැදවුම් කදවුරු 13 ක දේශපාලන හේතු මත රදවා ගෙන ඉන්න තමිල් රැදවියන් 107ක් පමණ ඉන්නවා. මේ ගණන මීට වඩා වැඩි නම් ආණ්ඩුව එය හෙළිදරව් කළ යුතුයි. ඒ රැදවියන්ගෙන් සමහර අය 8 දෙනකු පමණ කිසිදු චෝදනාවකින් නඩුවක් පවරාගන්න බැරිව ඉන්නවා. දැනට නඩු පවතින්නේ මේ අයගෙන් 47 දෙනකුට පමණයි. මේ පිරිස අතර සමහර රැදවියන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවූවන්. සෙල්වපුල්ලෙ මහේන්ද්‍රන් කියන එක් රැදවියෙක් අත්අඩංගුවට ගෙන තිබෙන්නෙ 1991, වයස අවුරුදු 18දි. මේ 2018 වසර වනවිට ඔහු වසර 28ක් සිරගතව සිටියා. ඔහුගෙ වයස අවරුදු 26න් නිදහස්ව ජීවති වෙලා ඉදලා තියෙන්නෙ අවුරුදු 18ක්. ගෙවුණු අවුරුදු 28 ගතකර ඇත්තෙ බන්ධනාගාරයෙ. අවුරුදු 18 තරුණයා තමයි මේ විදියට නඩුවක් නැතිව අවුරුදු 28ක් ගාල්කරලා තියාගෙන ඉන්නෙ. මෙවැනි තරුණ තරුණියන් තමයි බන්ධනාගාරවල රදවා තබා ගෙන ඉන්නෙ. ඔවුන් එහෙම ඉදිද්දි ඔවුන්ට ආයද පුහුණුව දුන්, ඔවුන්ගෙ අතට තුවක්කු දුන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත් කළ සහ යුදමය නායකත්වය දුන් අය බොහොම නිදහසේ ජිවත් වෙනවා.
මහේන්ද්‍රන් වගේ අයට අවි පුහුණුව දුන් කරුණා අම්මාන් වගේ අය පිල්ලෙයාන් වගේ අය ආණ්ඩුවේ නායකයන්, ඇමතිවරු බවට පත්ව තිබෙනවා. ඔවුන්ගෙ දේශපාලන තීන්දුවලට ගොදුරු බවට පත් වෙද්දි යුද්ධයට අණ දුන් අය බොහොම නිදහසේ ජීවත් වෙනවා. අපි අහනවා මේක සාධාරණද? යුද්ද්යට ගිය විශාල පිරිසකගේ ජීවිත විනාශ වුණා. නමුත් එම යුදමය පියවර සහ දේශපාලනමය තීන්දු අරගෙන යුද්ධයෙන් ජීවිත බේරාගන්න ලැබුණු අයට පහසු ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ අයගෙ දේශපාලන තීරණ ක්‍රියාත්මක කරපු අය මේ විදියට බන්ධනාගාරවල රදවාගෙන සිටීම අසාධාරණයි. ඒ නිසා අපි අවධාරණය කරනවා, මේ විදියට බන්ධනාගාර 13 ක් තුළ රදවා සිටින 107ක් දෙනා කොන්දේසි විරහිතව නිදහස් කරන්න. ඒ සදහා කෙිසිදු කොන්දේසියක් අදාල නෑ. මේක දේශපාලන ප්‍රශ්නයක්. මොකද මේ තරුණ තරුණියන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත් වුණේ ඒ සදහා බලපාන සමාජ ආර්ථික හේතු ගණනාවක් නිසයි. ඒ නිසා ඔවුන් ඒ තත්යට ඇද දාපු සමාජ, ආර්ථික, දේශපාලන හේතුවලට විසදුම් හොයන්නෙ නැතිව මේ ප්‍රශ්නයට විසදුමක් හොයන්න බෑ. එල්.ටී.ටී.ඊ. සංවිධානය කියන්නෙ ඒ සියලු සමාජ ගැටලුවල එක්තරා ප්රකාශනයක් පමණයි. ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්නවලට විසදුම් ලබා දිය යුතුයි.
මේ උතුරේ තරුණ තරුණියන් රදවා තබාගෙන ඉන්නෙ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මගින්. ඒ පනතම පාවිච්චි කරලා තමයි 1989 කාලයේ දකුණෙ තරුණ තරුණියන් දහස් ගණනක් මරලා දැම්මෙ. දහස් ගණනක් සිරගත කළේ. දැන් මේ ආණ්ඩුව ඒ මර්දනකාරි පනත වෙනුවට තවත් මර්දනීය පනතක් ගෙන එන්න සූදානම් වෙනවා. මේ පනත් හරහා තමයි වැඩවර්ජන මහජන විරෝධතා මර්දනය කරන්නෙ. ජනතාව මර්දනය කරන්න තමයි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පාවිච්චි වෙන්නෙ. ඒ නිසා අපි ආණ්ඩුවට බලකරලා කියනවා ත්‍රස්තවාදී චෝදනා නැතිව රදවාගෙන ඉන්න තරුණ තරුණියන් වහාම නිදහස් කරන්න.
ඒ වගේම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමේ නාමයෙන් වෙනත් මර්දන අණ පනත් ඉදිරිපත් කරන්න යන්න එපා. මේ ආණ්ඩුව ජනතාව මර්දනය කරන අනපනත් සදහා සූදනම් වන ආණ්ඩුවට අපි බලකරනවා ඒ මර්දන පියවර වහාම අත්හරින්න. උතුරේ මෙන්ම බස්නාහිර, නැගෙනහිර සහ දකුණේ වතුකරයේ ජනතාව මර්දනය කරන්න දරණ උත්සාහයන් ජනතාව ඒකරාශි වෙලා අහෝසි කරන්න අපි පියවර ගන්නවා. ඒ සියලු ජනතාව ඒකරාශිවන අරගලයක් තුළ පමණයි මේ ප්‍රශ්නවලට විසදුමක් ඇත්තෙ.
මේ වනවිට උතුරේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. රටේ අන් හැමතැනකම වගේ ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලුවලට ආණ්ඩුවට විසදුම් නැති තත්වයක් තිබෙනවා. එහිදීත් අපට විසදුම් සොයන්න වෙන්නෙ සමස්ත ජනතාව විසින් සංවිධානය වීමෙන් සහ සංවිධානය වී විසදුම් සෙවීමෙන් බව අපි විශ්වාස කරනවා. ඒ නිසා පොදුවේ උතුරේ සහ නැගෙනහිර ඇතුළු රට පුරා වාසය කරන පීඩිත ජන කොටස්වල ගැටලු වලට වහාම විසදුම් දෙන්න කියා අපි බලකර සිටිනවාත කොහොම වෙතත් ඒ ජනතාවගේ ගැටලුවලට විසදුම් දෙන්න ආණ්ඩුව අසමත් බව පෙන්නුම් කරමින් සිටිනවා. විශේෂයෙන්ම මැතිවරණ පොරොන්දු අතර තිබුණු දේශපාලන රැදවියන් සම්බන්ධ ගැටලුවට හෝ අතුරුදන්කළවුන් සම්බන්ධ ප්‍රශ්නයට විසදුම් දෙන්න අාණ්ඩුව අසමත්ව තිබෙනවා.
මේ වනවිට ඉදිරි ජනාධිපතිවරණය සදහා සූදානම්වන ජනාධිපති හීන දකින මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයට හා අගමැති රනිල් වික්‍රමසිංහට අපි කියනවා 2015 දුන් මැතිවරන පොරොන්දු නැවත මෙනෙහි කරන්න කියලා. ජනාධිපති සිහින දකින බලය මාරු කරන්න හදන විපක්ෂයෙ අයටත් අපි කියනවා මේ ජනතාවගෙ ප්‍රශ්න විසදන්න මැදිහත් නොවී ඒ සිහින දකින්න ලෑස්ති වෙන්න එපා කියලා.
මේ ප්‍රශ්න විසදාගන්න වෙන්නෙ මේ පත්වන ආණ්ඩුවලින් නොවන බව දැන් පැහැදිලියි. දේශපාලන සිරකරුවන් පිළිබද හෝ අතුරුදන් කළ තරුණ තරුණියන් සම්බන්ධ ප්‍රශ්නවලට පාලකයන් විසදුම් දෙන්නෙ නෑ. මේ ප්‍රශ්නවලට විසදුම් සොයන්න වෙන්නෙ සිංහල, තමිල්, මුස්ලිම් සියලු දෙනා ඒකරාශි වූ ඒකාබද්ධ අරගලයකින් පමණක් බව අපි විශ්වාස කරනවා. එවැනි ඒකාබද්ධ අරගලයකින් පමණයි ඔවුන් අප මුහුණ දෙන මේ බරපතල සමාජ ආර්ථික ගැටලුවලට විසදුම් තබා ගන්න හැකි වෙන්නෙ.
ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා වහාම මේ ප්‍රශ්න විසදන්න, අනුරාධපුර දේශපාලන රැදවියන්ගෙ ප්‍රශ්නයට විසදුම් දෙන්න. එහෙම කිරීමෙන් පමණයි, මේ රට නැවත යුද්ධයකට ඇද වැටීමේ තර්ජනය වළක්වන්න පුලුවන් වෙන්නෙ. ඒ වගේම අපි උතුරේ මෙන්ම දකුණේ ජනතාවගේ ඉල්ලා සිටිනවා, මේ ප්‍රශ්නවලට පාලකයන්ගෙන් විසදුම් ලබා ගන්න ඔවුන් පසුපස යාමෙන් කිසිදු ප්‍රතිඵලයක් මේ දක්වා ලැබී නැති තත්වයක් තුළ ඇත්ත විසදුම් ලබාගන්න ඒකරාශි වෙලා සංවිධානය වෙමු කියලා.” යැයි පැවසීය.
The post කිසිදු චෝදනාවක් නැතිව දේශපාලන රැදවියන් අවුරුදු 28ක් බන්ධනාගාරයේ තියාගෙන – සම අයිතිය ව්‍යාපාරය appeared first on Lanka News Column.
0 Comments