Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20 පිළිබඳ පෙත්සම් විභාගය ඇරඹෙයි.

20th

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්ගේ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පෙත්සම් කිහිපයක් අධිකරණයට ඉදිරිපත් වී තිබේ. උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක් විසින් 20වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් 11ක් ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය පසුගිය 12වැනිදා ආරම්භ කළේය. අගවිනිසුරුවරයා විදේශ සංචාරයක නිරතවී සිටින බැවින් එම පෙත්සම් විභාගය වැඩබලන අගවිනිසුරු සිසිර ද ආබෲ ඉදිරියේ සිදුවේ. මෙම පෙත්සම් විභාගයේදී විජිත හේරත් මන්ත‍්‍රීවරයා වෙනුවෙන් ඉදිරිපත් වන්නේ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්ය. නීතිඥ සුනිල් වටගල විසින් නීති කටයුතු සම්බන්ධීකරණය සිදුකරයි. මෙම පෙත්සම් විභාගය සම්බන්ධයෙන් නීතිඥයින් තුළ දක්නට ලැබෙන්නේ විශාල උනන්දුවකි.

“මෙම ව්‍යවස්ථා සංශෝධනය විජිත හේරත් මන්ත‍්‍රීවරයාගේ පෞද්ගලික යෝජනාවක් නිසා මෙම පෙත්සම් විභාගය මන්ත‍්‍රීවරයාට දැනුම් දී සිදුකළ යුතුව තිබෙනවා.” නීතිඥයින් විසින් පෙත්සම් විභාග විය යුතු ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.

“යර්ස් මිස්ටර් වටගල, ඔබ විජිත හේරත් වෙනුවෙන් මෙම දැනුම්දීම භාර ගන්නවාද?” විනිස්රු මඩුල්ල විමසා සිටියහ.

“ඔව් මම භාරගන්නවා. ඒක ප‍්‍රශ්නයක් නැහැ” නීතිඥ සුනිල් වටගල කියා සිටියේය.

මුලින්ම සිදුවන්නේ පෙත්සම්කරුවන්ගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීම්ය. මෙහිදී මූලික වශයෙන් 20වැනි සංශෝධනයේ නීතිමය අඩුපාඩු ඇතැයි පෙත්සම්කරුවෝ කියා සිටියහ. ඔවුන්ගේ මූලික ඉල්ලීම වන්නේ මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3න් සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බවය. පෙත්සම් විභාගයට විජිත හේරත් මන්ත‍්‍රීවරයාගේ පාර්ශ්වයෙන් කරුණු දැක්වීම ඉදිරියේදී සිදුවීමට නියමිතය.

“පෙත්සම්කරුවෝ පැහැදිලි කිරීම්වලදී විකෘති අදහස් තමයි ඉදිරිපත් කරන්නේ. අපිට නීතිමය පැහැදිලි කිරීම්වලින් ඒ විකෘති නැති කරන්න පුළුවන්. ජාතිවාදී පදනමින් තමයි ඒ අය මේක විස්තර කරන්නේ. ජනතාව මුලා කරන්නයි මේ විදියට හැසිරෙන්නේ.” සුනිල් වටගල ඇතුළු නීතිඥ කණ්ඩායම පෙත්සම් විභාගයෙන් පසුව සාකච්ඡාවක නිරත වූහ.

The post 20 පිළිබඳ පෙත්සම් විභාගය ඇරඹෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();