Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුම්රිය ගාස්තු 1 සිට නඟී. නව ගාස්තු



දුම්රිය ගාස්තු අනිද්දා (01) සිට වැඩි කර ඇතැයි දුම්රිය නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ජේ. ඉඳිපොළගේ මහතා පවසයි. මේ අනුව දුම්රිය ගාස්තු 15% සිට ඉහළට වැඩි කර ඇති අතර, අවම ගාස්තුව වෙනසක් වී නැතත් අවම ගාස්තුවෙන් ගමන් කළ හැකි දුර අඩු කර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

සියලු ගාස්තු අවස්ථා නිර්ණය කර ඇත්තේ පැරණි ගාස්තුව මෙන්ම දුරද සලකා බලා බව පවසන ඒ මහතා ඇතැම් ගාස්තු අවස්ථා ඉහළ ප්‍රතිශතයකින් නැඟ ඇත්තේ එම නිසා බවද කීය.

නව සංශෝධිත දුම්රිය ගාස්තු මෙසේය: 
කොළඹ කොටුව සිට 
රාගමට රු.25; 
ගම්පහට රුපි.40; 
වේයන්ගොඩට රු.50; 
පොල්ගහවෙලට රු.90; 
මහනුවරට රු.140; 
අනුරාධපුරයට රු.215; 
බදුල්ලට රු.275; 
පාණදුරට රු.35; 
ගාල්ලට රු.135.00; 
මාතරට රු.170; 
මීගමුවට රු.50; 
හලාවතට රු.100; 
පොලොන්නරුවට රු.250; 
ත්‍රිකුණාමලයට රු.280; 
මඩකලපුවට රු.315; 
යාපනයට රු.350. 

මේ සංශෝධනවලට සමගාමිව දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ගාස්තු හා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය හා දුර‍ සේවා දුම්රිය ආසන වෙන් කිරීමේ ගාස්තුද වැඩි කර ඇති බව ඉඳිපොළගේ මහතා පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();