Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රග්බි ශ්‍රී ලංකා පිල තුන්වැනි තැන දිනා ගනී

Author(s): 
ෆවුස් මොහොමඩ්

අවුරුදු 20න් පහළ ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි. හොංකොං හී පෙරේදා නිමාවට පත්වූ මේ තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ලකුණු 26-12කින් සිංගප්පූරුව පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

දින දෙකක් පුරා පැවැති මේ තරගාවලියේදී නවීන් හේනකංකානම්ගේ නායකත්වයෙන් ‘බී‘ කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා පිල මූලික වටයේ තරග 3ම ජයගෙන කුසලාන වටයේ අවසන් පූර්ව තරග වටයට එක්වූ අතර එහිදී දකුණු කොරියාව හමුවේ පරාජයට පත්වූයේ අවාසනාවන්ත ලෙසටය.

එම තරගයේ පළමු භාගය නිමාවෙද්දි ලකුණු 17-7කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වූවත් දෙවැනි භාගයේදී පෙරළිකාර ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ දකුණු කොරියාව පිට පිට උත්සාහක දිනුම් 2ක්ම තබමින් නියමිත කාලය අවසන් වෙද්දී ලකුණු සංඛ්‍යාව 17-17ක් ලෙස සමකරගත්තේය. අනතුරුව ලබාදුන් අතිරේක කාලයේදි තවත් උත්සාහක දිනුමක් තැබූ දකුණු කොරියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

සිංගප්පූරුව සමග පැවැති තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 12-7කින් පසුබෑමකට ලක්වූ ශ්‍රී ලංකා පිල දෙවැනි භාගයේදි තරගයේ පාලනය සියතට ගනිමින් තවත් ගෝල 2ක් සහ උත්සාහක දිනුමක් තැබුවේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තරගාවලිය පුරා දස්කම් පෑ දිනුක් අමරසිංහ උත්සාහක දිනුම් 5ක් තැබූ අතර නායක නවීන් හේනකංකානම්ගේ, ජනිඳු ඩිල්ෂාන් සහ අවිශ්ක ලී උත්සාහක දිනුම් 3 බැගින් ද, ගැමුණු චේතිය සහ තුලේබ් හසන් උත්සාහක දිනුම් 2 බැගින් ද වාර්තා කළහ. නිල්ෆර් ඉබ්‍රාහිම්ගේ පුහුණුකාරිත්වයෙන් සහ ෆාසිල් මරිජාගේ සහාය පුහුණුකාරීත්වයෙන් ශ්‍රී ලංකා පිල මේ තරගාවලියට සහභාගි විය. අවසන් මහා තරගයේදී ලකුණු 5-0කින් දකුණු කොරියාව පරාජය කළ සත්කාරක හොංකොං පිල ශූරතාව දිනාගත්තේය.

 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();