ජාතික ඔලිම්පික් කමිටුවේ පාඨමාලා අධ්යක්ෂවරියක් මෙන්ම ඔලිම්පික් කාන්තා කමිටු සාමාජිකා අනෝමා රත්නායක මහත්මිය කැලනිය විශ්ව විද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් ලෙස පත්වෙයි. ජාතික පැසිපන්දු සම්මේලනයේ උප සභාපති ලෙස කටයුතු කළ ඇය දකුණු කොරියාවේ සෝල් ජාතික විශ්ව විද්‍යාලයේ පූර්ණ ශිෂ්‍යත්වයක් හිමිකර ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්වූවාය.
එමෙන්ම ලොව පශ්චාත් ක්‍රීඩා උපාධි පිරිනමන විශ්ව විද්‍යාලවල ශ්‍රේනිගත කිරීම අනුව ආසියාවේ පළමු වැන්නා ලෙසත් ලොව 7වැනියා ලෙසත් අනෝමා රත්නායක මහත්මිය ශ්‍රේණිගතවී සිටින්නීය. වසර 2015දී සෝල් ජාතික විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා කළමණාකරන උපාධිය නිමා කළ රටවල් 44ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතුරින් හොදම විද්‍යාර්ථීන් දසදෙනා අතරට පත්ව පූර්ණ ශිෂ්‍යත්වයක් සෝල් විශ්ව විද්‍යාලය මගින් ඇයට පිරිනැමුණි.
කොරියාවේ ක්‍රීඩා උපාධිය හැදෑරීමෙන් අනතුරුව ක්‍රීඩාවේ ඉදිරි දැක්ම වෙනුවෙන් කරන ලද කැපකිරීම් හා ඉදිරිපත් කරන ලද වාර්තා සැලකිල්ලට ගනිමින් සෝල් ජාතික විශ්ව විද්‍යාලයේදී විශේෂ සමුලුවකදී දේශනයක් පැවැත්වීමටද ඇය සහභාගී වූවාය.
ජාත්‍යන්තර ක්‍රීඩා සඟරා දෙකක කර්තෘ මණ්ඩල සාමාජිකාවක් ලෙස කටයුතු කරන ඇය 2015 ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී most outstanding sports academic අනු ශූරතාවටද හිමිකම් කීවාය. ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලෙන් අධ්‍යාපනය හැදැරූ ඇය කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරිණියක්වී එහිම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක්වීම ප්‍රසංශනීය වේ.
“ ක්‍රීඩා වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර නියෝජනය තිබුණද ක්‍රීඩා අධ්‍යාපනය වෙනුවෙන් කාන්තා පාර්ශවයේ ජාත්‍යන්තර නියෝජනය අඩුයි. ඒ නිසා කාන්තාවක් ලෙස මෙරට හා පිටරට ක්‍රීඩා අධ්‍යාපනය වෙනුවෙන් මාගේ කැපවීම ආදර්ශයට ගෙන අනෙක් අයටත් ඒ තත්ත්වයට පැමිණෙන ලෙස මා ආරාධනා කරනවා“ අනෝමා රත්නායක පැවැසුවාය.
0 Comments