Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අඩු පහසුකම් මැද හෑන්ඩ්බෝල් පිටියේ ජය සොයා යන මැදබැද්ද විදුහල

ගලේවෙල මධ්‍යම සමූහ පී.ජී.ගුණතිලක

ක්‍රීඩා කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් වැඩි වශයෙන් පවතින නගර බද පාසල් සමග කරට කර තරග කරමින් ජයග්‍රහණ අත්කර ගැනීමට ගම්බද පාසලක් සමත්වීම සුවිශේෂි සිදුවීමකි.

එලෙස අඩු පහසුකම් යටතේ පුහුණුවීම් කර නගර බද පාසල් සමග තරග කරමින් හෑන්ඩ්බෝල් පිටියේදී ජයග්‍රහණයන් හිමිකර ගැනීමට ගලේවෙල අධ්‍යාපන කලාපයේ මැදබැද්ද මහ විදුහල සමත්ව සිටී.

ඔවුන් පසුගියදා නිමාවූ සමස්ත ලංකා පාසල් හෑන්ඩ්බෝල් තරගාවලියේදී අවුරුදු 18න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කරමින් ශූරතා ද්විත්වයක් සහ අනුශූරතාවක් දිනා ගැනීමට සමත් වුහ.

එහිදී අවුරුදු 18න් පහළ බාලක තරගයෙන් පළඟ ශූරතාව දිනාගැනීමට මැදබැද්ද විදුහල් ‘බී’ කණ්ඩායම සමත්වූ අතර බාලිකාවෝ බඳුන ශූරතාව දිනා ගත්හ. බාලක ‘ඒ’ කණ්ඩායම පළඟ අනුශූරතාවට හිමිකම් කීය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස එම විදුහලේ ආර්.එම්.ජේ.සාරංග රාජකරුණාත් දක්ෂතම කඩුලු රකින්නා ටී.ජී.එන්.බී.කුමාරසිරිත් සම්මාන දිනා ගැනීම කැපී පෙනුණි.

මෙලෙස අඩු පහසුකම් යටතේ පුහුණුව ලබමින් ලබාගත් ජය සුවිශේෂි එකක් වන බව විදුහල්පති එන්.ඩබ්ලිව්.යූ.එම්.වයි.බී.නුගහපොල මහතා පවසයි.මේ විදුහලේ ක්‍රීඩා උපදේශිකාව ලෙස එල්.ඩී.ආර්.පෙරේරා මහත්මිය කටයුතු කරයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();