Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිස් කොස්තාපල්වරුන් සැරයන් නිලයට උසස් කිරීම – ප්‍රභූ ආරක්‍ෂකයින්ට වැඩි ලකුණු.

Police

පොලිස් කොස්තාපල්වරුන්, සැරයන් නිලයට උසස් කිරීම සඳහා මේ දිනවල පැවැත්වෙන සම්මුඛ පරීක්‍ෂණවලට සහභාගී වන නිලධාරීන් අතරින් ප්‍රභූ ආරක්ෂාවට යොදවා ඇති නිලධාරීන්ට අමතර ලකුණු 15ක් ලබාදීම සම්බන්ධයෙන් ඒ සඳහා සහභාගී වන පොලිස් නිලධාරීන්ගේ දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි සඳහන් වේ. පොලිස් කොස්තාපල්වරුන් සැරයන් නිලයට උසස් කිරීමේදී වසර 04ක උපරිම සේවා කාලයකට ලකුණු 50ක් ලබාදෙන අතර ජනාධිපති අංශය, අගමැති ආරක්‍ෂක අංශය හා ඇමති ආරක්‍ෂක අංශය යන අංශවලට රාජකාරියේ නිරත නිලධාරීන්ට එම ලකුණු 50ට අමතරව අමතර ලකුණු 15ක් ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි පැවසේ.

මෙහිදී සාමාන්‍ය රාජකාරීවල නිරත නිලධාරීන් වශයෙන් නම් කරමින් තමන් වෙත මෙම ලකුණු 15 අහිමි කිරීමට කටයුතු කර තිබෙන බවත් ඒ නිසා ප්‍රභූ ආරක්ෂාවේ නිරත නිලධාරීන්ට මෙම සම්මුඛ පරීක්‍ෂණයේදී වැඩි වාසිදායක තත්වයක් උදාවන බවත් පොලිස් දෙපාර්තමේන්තුවේ සෙසු නිලධාරීන් පවසා තිබේ.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මීට පෙර මෙම සම්මුඛ පරීක්‍ෂණ සඳහා ප්‍රභූ ආරක්‍ෂක නිලධාරීන්ට අමතර ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් පොලිස් දෙපාර්තමේන්තුව අනුගමනය නොකළ බවයි.

The post පොලිස් කොස්තාපල්වරුන් සැරයන් නිලයට උසස් කිරීම – ප්‍රභූ ආරක්‍ෂකයින්ට වැඩි ලකුණු. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();