Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරයයි.

 

Minister_Patali_30

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරය බව ඇමති චම්පික රණවක ප්‍රකාශ කර සිටී. ඒ චීන මධ්‍යම රූපවාහිනිය සමග සාගර නගර භූමියේ පැවති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ලංකාව පමණක් නොව නැගෙනහිර අප‍්‍රිකාව, ඒවගේම මධ්‍යම ආසියාව, බටහිර ආසියාව යන සියල්ලන්ටම සාගර නගරය තුළින් නව ආලෝකයක් ලැබීමට නියමිත බවයි. තවද, ඉදිරියේදී සාගර නගරය අධිවේදී මාර්ග පද්ධතියට සම්බන්ධ කිරීමට කටයුතු කරන බවත්, මේ වන විට ඉදිකෙරෙමින් පවතින සැහැල්ලූ දුම්රිය පද්ධතියටද සම්බන්ධ කරනු ලබන බව සඳහන් කළේය. එපමණක් නොව, දැනට පවතින දුම්රිය පද්ධතියට ද සාගර නගරය සම්බන්ධ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

සාගර නගරයට අවශ්‍ය විදුලිය හා ජල පහසුකම් ද සපයනු ලබන්නේ අප විසින්ම බව විශේෂයෙන් සඳහන් කළ ඇමති චම්පික රණවක  ලක් රජය ඩොලර් බිලියනයකට අධික මුදලක් ආයෝජනයක් ඒ සඳහා සිදුකරනු ලබන බව පැවසීය. එය අප රජය විසින් සිදු කරනු ලබන ඉතාම ඵලදායී අයොජනයක් බවත්, ඉදිරි වසර 10 තුළ සාගර නගරයේ නව ඉඩම් මගින් ආයෝජිත එම මුදල යළි උපයා ගැනීමට කටයුතු කරන බවත් පැවසීය.

මෙම සාකච්ඡාවට චීන තානාපති චැං ෂියැං, චීනයේ සන්නිවේදන සහ ඉදිකිරීම් රාජ්‍ය සමාගමේ උප සභාපති සං සියු  සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති ටැං කියෝලියැං  ද එක්ව සිටියහ.

The post ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරයයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();