5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව සඳහන් වේ.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාණ සඳහන් කර ඇත්තේ, දැනට ශිෂ්‍යත්ව සමතුන්ට ශිෂ්‍යත්ව 15,000 ක් ලබා දෙන බවයි. එම සංඛ්‍යාව 30,000 ක් දක්වා ඉහළ නැංවීම වැඩපිළිවෙළ යටතේ නියමිත බව පැවසේ.
ඒ සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර තිබේ.
The post ශිෂ්‍යත්වය සමතුන්ට ලබාදෙන ශිෂ්‍යත්ව දෙගුණ කිරීමේ තීරණයක්. appeared first on Lanka News Column.
0 Comments