Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කාන්තා රැඳවියන්ගේ ගැටළු ගැන හොයන්න නිලධාරියෙක්.

Justice_Prison

වැලිකඩ බන්ධනාගාරයේ විරෝධතාවයේ නිරත වී  සිටින රැදවියන්ගේ ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීමට සූදානමින් සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කර තිබේ. එම අමාත්‍යංශ ලේකම් මංගලිකා අධිකාරී සඳහන් කර ඇත්තේ වහලය මත නැගී විරෝධතාවයේ යෙදී සිටින රැදවියන් එම විරෝධතාවය අවසන් කර පැමිණෙන්නේ නම් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවයි. එමෙන්ම සදහා අමාත්‍යංශයේ නිලධාරීයෙක් යොමුකිරීමට ද තීරණය කර ඇති බව ලේකම්වරිය සඳහන් කර තිබේ.

බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් ඊයේ (13) පෙරවරුවේ සිට කාන්තා රැදවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට නැග මෙම විරෝධතාවයේ නිරත වී සිටියි. ඊයේ පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් රැදවියන් සිව් දෙනෙකු ද තුවාල ලබා ඇති බවත් සඳහන් වේ.

රැදවියන්ගේ මෙම ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටළුවක් වන බවත් ඊට විසදුම් ලබාදීමට අමාත්‍යංශය විසින් යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යංශ ලේකම් මංගලිකා අධිකාරී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

The post කාන්තා රැඳවියන්ගේ ගැටළු ගැන හොයන්න නිලධාරියෙක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();