එළඹෙන ජනාධිපතිවරණයේ වැඩි වාසිදායක අවස්ථාව නිර්මාණය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය වටා බැවින් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත්කරන අපේක්ෂකයාගේ ජයග්‍රහණය සහතික බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටී. මහලේකම්වරයා මේ බව පැවසුවේ සිරිකොත ගමට ගෙනයන වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත්පාලන ආයතන නියෝජිතයින් සහ දිස්ත්‍රික්කයේ පක්ෂ ක්‍රියාකාරිකයින්ගේ හමුවකට එක්වෙමිනි.
රැස්ව සිටි පිරිස ඇමතූ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ පළාත්පාලන ආයතනවල හෝ පළාත් සභාවල බලය නොමැතිව මෙන්ම ජාතික ආණ්ඩුව තුළ ද විවිධ අභියෝග පැවතියත් මහජනතාවගේ ජීවන තත්වය නංවාලීමට උපරිම සේවාවක් කිරීමට පසුගිය වසර තුනක කාලය තුළ එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කළ බවයි.
දිස්ත්‍රික් බල මණ්ඩල ප්‍රධානීන් හමුවීම, ඔවුන්ට ඇති ගැටළු සොයාබැලීම, ඔවුන්ගේ අදහස්, යෝජනා කෙරෙහි අවධානය යොමුකිරීම පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් තම වගකීමක් බැවින් මේ අයුරින් සියලු දිස්ත්‍රික් බල මණ්ඩල ප්‍රධානීන් දිස්ත්‍රික් මට්ටමින් හමුවීමට පියවර ගන්නා බවත්, අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
The post එළඹෙන ජනාධිපතිවරණයේ දී එජාප අපේක්ෂකයාගේ ජයග්‍රහණය සහතිකයි – ඇමති අකිල විරාජ්. appeared first on Lanka News Column.
0 Comments