Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝගක්.

Ravindra_Gunarathne

රාජපක්ෂ පාලන සමයේදී කප්පම් ගැනීම වෙනුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඒ අනුව සැකකාර නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්  චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි  නොහොත්  ‘නේවි සම්පත්‘ යන අයට සැඟවී සිටීමට ආධාර අනුබල දීම  සම්බන්ධයෙන් හිටපු  නාවික හමුදාපති වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවි විජේගුණරත්න වහාම අධිකරණයට ඉදිරිපත් කරන බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාර ගත කර සිටින ප්‍රධාන සැකකරුවකු වන නාවික හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් සම්පත් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත්ට විදේශගතවීම සඳහා රවීන්ද්‍ර විජේගුණරත්න සහය දක්වා ඇති බවට පැහැදිලි සාක්ෂි ඇති හෙයින් ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ. ඒ අනුව වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නුදුරේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ඇති බව පැවසේ.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් වහාම  පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

The post ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝගක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();