ශ්‍රී ලංකාව හා සිංගප්පූරු රාජ්‍ය අතර අත්සන් තැබූ වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විද්වත් කමිටුව හරහා පුළුල් ගවේෂණයක් සිදුකර කමිටුවේ නිර්දේශ අනිවාර්යෙන්ම කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එම ගිවිසුම සංශෝධනය කරන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කර සිටී. ඔහු මෙලෙස ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එමෙන්ම ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කමිටුවේ වාර්තාව මාස දෙකක් ඇතුළට ලැබෙන බවත් ඉන් අනතුරුව එහි අඩුපාඩුකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මත විමසන අවස්ථාවේදී ඕනෑම පාර්ශවයකට ඒ පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කර සිටියේය.
The post සිංගප්පූරු ගිවිසුම ගැන මාස දෙකක් තුළ සවිස්තර වාර්තාවක්. appeared first on Lanka News Column.
0 Comments