Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්.

Akila_Minister

ගුරුවරුන්ගේ වැටුප් තවදුරටත් ඉහල නංවනවා මිස අඩුකිරීමට හෝ කප්පාදුවට ඉඩදෙන්නේ නැති බවත් අසත්‍ය ප්‍රචාර පලකිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්  විභාග රාජකාරිවල නිරත ගුරුවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට විභාග කොමසාරිස් ජනරාල්ට උපදෙස් ලබාදුන් බවත් අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටී.

නිවාඩු කාලවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පියවර ගැනීමට සූදානම් වන බව දක්වමින් ඇතැම් සමාජ ජාල මාධ්‍යවල සහ වෙබ් අඩවි කිහිපයක පල වී තිබූ අසත්‍ය පුවත පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  අද(17) විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ දරුවන් වෙනුවෙන් දහසක් කැපකිරීම් සිදුකරන ගුරුවරුන්ගේ පහසුකම් හා වරප්‍රසාද ඉහළ නැංවීමට මිස පහළ දැමීමට තමා කිසිවටකත් කටයුතු නොකරන බවයි. වත්මන් රජය විසින් ගුරුවරුන් ඇතුළු රජයේ සේවකයින්ගේ වැටුප රු. 10,000 කින් ඉහල දැමීමට පියවර ගත් බවත් විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන දීමනාව රු.750 සිට 6,500 දක්වා ඉහල නැංවීමට තමා පියවර ගත් බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

එමෙන්ම විභාග රාජකාරිවල නිරත ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ දීමනා ඉහල දැමීමට පියවර ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බව ද පෙන්වා දී ඇති අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති දැවැන්ත ව්‍යාපෘතින් මෙන්ම ඒ හරහා අත්වන ප්‍රගතිය පිළිබඳ ද්වේශ සහගතව දකින කණ්ඩායම් පටු මඩ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් තමා සහ අමාත්‍යාංශය අපහසුතාවට පත්කිරීම සඳහා දේශපාලන මඩ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරමින් සිටින බව ද සඳහන් එම නිවේදනය මඟින් ප්‍රකාශ කර ඇත.

The post අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();