Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කඩිනම් මැදිහත්වීම් සඳහා ක්‍ෂේත‍්‍ර ගණනාවකට ජවිපෙන් කමිටු.

jvp

ජවිපෙ මධ්‍යමකාරක සභාවේ තීරණයක් අනුව ක්‍ෂේත‍්‍ර කිහිපයක් සඳහා කඩිනම් මැදිහත්වීම් සිදුකිරීමට කමිටු පත්කර තිබේ. මේ අනුව කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රය, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි ක්‍ෂේත‍්‍රවල පැන නගින එදිනෙදා ගැටලු පිළිබඳව සොයා බැලීමටත් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්ෂණික විසඳුම් පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුකරවීම සඳහාත් මෙම කමිටු මැදිහත් වනු ඇත.

ඒ අනුව අධ්‍යාපනය ක්‍ෂේත‍්‍රය සඳහා පත්කළ කමිටුව පසුගිය සතියේ ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී රැස්විය. ඒ සඳහා දේශපාල මණ්ඩල සභික බිමල් රත්නායක, මධ්‍යමකාරක සභික හා ලංකා ගුරුසේවා සංගමයේ සභාපති මහින්ද ජයසිංහ, රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් හා ශ්‍රේණිධාරී විදුහල්පති ශාන්ත පද්මකුමාර, හිටපු පළාත් සභා මන්ත‍්‍රී ගමගෙදර දිසානායක යන අය සහභාගි වූහ.

“ළමා අපචාර දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙනවා. එයින් විශාල ලෙස පීඩාවට පත්වෙන්නේ පාසල් ළමුන්. ඒ නිසා මේ පිළිබඳව කඩිනම් මැදිහත්වීමක් කරන්න ඕනෑ. පාසල් තුළ මේ ගැන දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ගුරු සංගමය මගින් කරන්න පුළුවන්.” මහින්ද ජයසිංහ යෝජනා කළේය.

“ඒ වගේම ඊළඟ අයවැයට අධ්‍යාපනය සම්බන්ධයෙන් මුදල් වෙන්කිරීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළොත් හොඳයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරලා ආණ්ඩුවේ අවධානය යොමු කළ යුතු ක්‍ෂේත‍්‍ර හඳුනාගන්න ඕනෑ. ඒ වගේම ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරලා ඒ පිළිබඳව ආණ්ඩුවට බලපෑමක් කළ යුතුයි. ඒ වගේම ගුරු ගැටලු පිළිබඳවත් විශේෂ මැදිහත්වීමක් කරන්න ඕනෑ” බිමල් රත්නායක යෝජනා කළේය.

ඊට අමතරව අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ විවිධ ගැටලූ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ඉදිරියේදී ගැටලු පැන නගින ස්ථානවලට ගොස් මැදිහත්වීමටත් කමිටුව තීරණය කළේය.

The post කඩිනම් මැදිහත්වීම් සඳහා ක්‍ෂේත‍්‍ර ගණනාවකට ජවිපෙන් කමිටු. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();