මාධ්‍යවේදී තමිර මංජු රචනා කළ ‘සෙල්ලම් ද සෙල්ලම්‘ ක්‍රීඩා කෘතියේ මුල් පිටපත හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත සුබ මොහොතනින් පිරිනමයි. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති SPORTEX 2018 ප්‍රදර්ශන භූමියේදී එය පෙරේදා එළිදැක්වුණි. ‘සෙල්ලම්ද සෙල්ලම්‘ කෘතිය තමීර මංජු විසින් ක්‍රීඩා සාහිත්‍යයට තිළිණ කළ ප්‍රථම කෘතිය වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී උපාධිය හැදෑරූ තමීර මංජු විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයන්හි වසර 18ක අත්දැකිම් ඇත්තෙකි. ඔහු ක්‍රීඩා මාධ්‍යවේදයට පිවිසෙන්නේ 2008 වසරේදී සිරස නිවුස් ෆස්ට්හි ස්පෝර්ට් ෆස්ට් නිෂ්පාදයකු ලෙසින්ය. වසන්තය ඇවිදින් ප්‍රේමගීතාවලිය, රෙජීමක රිඳුම් අරගල ගී ඔහුගේ සෙසු නිර්මාණ වේ.
ඔහුගේ ‘සෙල්ලම් ද සෙල්ලම්‘ කෘතියට පාදක වන්නේ ක්‍රීඩා පිටියේ සතර සීමාවෙන් එපිට එතෙක් මෙතෙක් ඔබ නොකියවූ කථා සමුදායකි. අනූහයේ ලෝක කුසලාන තරගාවලියේදී අර්ජුන රණතුංග නැති කරගත් චෙක්පත, රග්බි බෝලේ රවුම් නැත්තේ ඇයි ? ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තයේ කිරි දොවන්නියෝ, යනාදි රසවත්ව කියවිය හැකි කථා රැසක් මෙම කෘතියට ඇතුළත් වේ.
0 Comments