Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු ක්‍රීඩා මංගල්‍යයේ යටගියාව සුන්දරයි

Author(s): 
නිරෝෂන් ප්‍රියංකර

ආසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් පෙන්වීමට වේදීකාවක් සකසා දෙමින් 1951 වසරේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පළමු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්විණි.

මාර්තු මස 4 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත් මේ තරගාවලියට රටවල් 11ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 489 දෙනකු එක්වූහ. ක්‍රීඩා 12ක් යටතේ තරග ඉසව් 57ක් එහිදී පැවැත්විණි.

එම තරගාවලියට සත්කාරක ඉන්දියාව සමගින් ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, ජපානය, නේපාලය, සිංගප්පූරුව, තායිලන්තය, ඉරානය, මියන්මාරය සහ පිලිපීනය එක්විය.

සත්කාරකත්වය

ආසියානු ක්‍රීඩා උළෙලට වැඩි වරක් සත්කාරකත්වය ලබාදී ඇත්තේ තායිලන්තයයි. ඔවුන් 1966, 1970, 1978 සහ 1998 වසර වලදී මේ ක්‍රීඩා උළෙලේ සත්කාරකයන් ලෙස කටයුතු කර තිබේ. දකුණු කොරියාව 1986, 2002 වසර වලදී සහ පසුගිය 17 වැනි (20140 ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය ලබාදී ඇති අතර ඉන්දියාව (1951, 1982), ජපානය (1958, 1994) සහ චීනය (1990, 2010) දෙවරක් බැගින්ද, පිලිපීනය, ඉන්දුනීසියාව, ඉරානය සහ කටාරය එක් වරක් බැගින්ද ක්‍රීඩා උළෙලේ සත්කාරකයන් ලෙස කටයුතු කර තිබේ.

ජපානයට ශූරතාව

ආසියානු ක්‍රීඩා උළෙල ආරම්භවූ 1951 වසරේ සිට තරගාවලි 8කදී පිට පිට පළමු ස්ථානය අත්කර ගැනීමට ජපානයට හැකිවිය. ජපානය අවසන් වරට පළමු ස්ථානය අත්කර ගත්තේ 1978 වසරේ බැංකොක් හිදී පැවැති තරගාවලියේදීය.

ජපානය මෙතෙක් පැවැති තරගාවලි වලදී රන් 957ක්, රිදී 981ක් සහ ලෝකඩ පදක්කම් 911ක් සමගින් දිනා ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 2849කි.

අවසන් වරට පැවැති තරගාවලි 5 දීම චීනයට අත්ව ඇත්තේ 3වැනි ස්ථානයයි.

ඔවුන් වැඩි රන් පදක්කම් ප්‍රමාණයක් දිනා ඇත්තේ පිහිනුම් ක්‍රීඩාවෙනි. ඒ රන් පදක්කම් 258කි.

චීනය ඉදිරියෙන්

වසර 1974 දී චීනය මේ තරගාවලියට එක්වන අතර මෙතෙක් පැවැති තරගාවලි 17 අතුරින් අවසන් වූ තරගාවලි 9 දීම පිට පිට පළමු ස්ථානය අත්කර ගැනීමට ඔවුන් සමත් විය.

ඔවුන් පළමු වරට එක්වූ තරගාවලියේදී පදක්කම් 106ක් දිනා ගනිමින් තෙවැනි ස්ථානය අත්කරගත් අතර 1978 වසරේ ක්‍රීඩා උළෙලේ දෙවැනි තැනට පත්විය. අනතුරුව 1982 වසරේ ප්‍රථම ස්ථානය අත්කරගත් චීනය පරාජය කිරීමට කිසිදු රටකට මේ වනතෙක් හැකිවී නැත.

පදක්කම් 13744ක්

මෙතෙක් පැවැති තරගාවලි 17 දී රන් 4313ක්, රිදී 4295ක් සහ ලෝකඩ පදක්කම් 5136ක් සමගින් පිරිනමා ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 13744කි.

චීනයට පදක්කම් 2895ක්

මෙතෙක් පැවැති තරගාවලි 17 අතුරින් චීනය නියෝජන කළ තරගාවලි 11 දී දිනා ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 2895කි. ඊට රන් පදක්කම් 1342ක්, රිදී පදක්කම් 900ක් සහ ලෝකඩ පදක්කම් 653ක් ඇතුළත්ව ඇත.

ඉන් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව (197) වෙඩි තැබීමෙන් දිනා ඇති අතර මලල ක්‍රීඩාවෙන් රන් 168ක් දිනා තිබේ.

දකුණු කොරියාවට තෙවැනි තැන

සමස්ත තරගාවලි 17 පදක්කම් එකතුවෙන් දකුණු කොරියාව තෙවැනි ස්ථානයේ පසුවන්නේ පදක්කම් 2064ක් සමගිනි. ඊට රන් 697ක්, රිදී 606ක් සහ ලෝකඩ 761ක් ඇතුළත් වෙයි. ඔවුන් නිමාවූ තරගාවලි 5 දීම චීනයට පමණක් දෙවැනි වී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();