Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගජබා සුපර්ක්‍රොස් 2018

Author(s): 
ගීෂා මුණසිංහ

අශාන්ට නැතත් ඉෂාන්ට අභියෝගයක්

මෝටර් රථ ධාවන තරග බිමේ මේ වන විට සුපිරි මෝටර් රථ ශූරතා තරග ඉසව්වෙන් කිසිවෙකුට කිසි විටෙක අභියෝග කළ නොහැකි ලෙස අශාන් සිල්වා පෙරමුණ ගෙන සිටියි. නමුත් විවෘතව පවතින සුපිරි යතුරුපැදි තරග ඉසව්ව ඉවෝන් ගුරුසිංහ හා ඉෂාන් දසනායක අතර තරගයක් බවට පත්වෙමින් තිබේ.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය - සියැට් ශ්‍රී ලංකා ටයර් සමාගම සමග එක්ව වාර්ෂිකව සංවිධාන කරන සියැට් - ස්ලඩා ශූරාතා තරගමාලාවේ බොරළු ධාවන පථයේ තරගාවලි දෙකක් අවසන්ව ඇත. සීගිරිය රැලික්‍රොස් හා ගනර් සුපර්ක්‍රොස් තරගාවලි අවසන් වන විට සුපිරි මෝටර් රථ තරග ඉසව්වෙන් කිසිවකුට අභියෝග කළ නොහැකි මට්ටමින් තම ස්ථානය තහවුරු කරගැනීමට අශාන් සිල්වා සමත්වී සිටී. කෙසේවුවත් තරුණ ක්‍රීඩකයන් වන කුෂාන් පිරීස් සහ 2016 වසරේ සියැට් - ස්ලඩා ශූරතාවයෙන් පිදුම් ලද උෂාන් පසුපසින් හඹා එමින් සිටිති. අශාන් සිල්වා මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 60ක් ලබාගෙන ඇති අතර කුෂාන් පිරීස් ප්‍රසාද ලකුණු 44ක් හා උෂාන් පෙරේරා ප්‍රසාද ලකුණු 30ක් ලබාගෙන ඇත.

සුපිරි මෝටර් රථ තරග ඉසව්වට වඩා තියුණු විවෘත තරග ඉසව්වක් බවට ශූරතා යතුරුපැදි තරග ඉසව්ව පත්ව ඇත. මෙරට සිටින දක්ෂයන් නවකයන් මෙන්ම ප්‍රවීණයන් එකට සිට තරග වදින ශූරතා යතුරුපැදි තරග ඉසව්වෙන් ප්‍රසාද ලකුණු 31ක් ලබාගනි‍මින් ඉවෝන් බියාජී ගුරුසිංහ පෙරමුණේ පසුවන අතර ප්‍රසාද ලකුණු තුනක් පසුපසින් පසුගිය වසරේ සියැට් - ස්ලඩා ශූරයා ලෙස අභිෂේක ලද ඉෂාන් දසනායක පසුවෙයි. ඉෂාන් මේ වන විට ප්‍රසාද ලකුණු 28ක් ලබා සිටියි. තුන්වන ස්ථානයේ පසුවන්නේ සමීර ප්‍රේමරත්නයි. සමීර ප්‍රසාද ලකුණු 25ක් ලබා සිටී. ප්‍රවීණ යතුරුපැදි ශූර හා සියැට් - ස්ලඩා ශූරතාව කිහිප වතාවක් හිමිකරගත් ගයාන් සඳරුවන් හා බුද්ධික කසුන සිල්වා ප්‍රසාද ලකුණු 12 බැගින් ලබාගෙන සම මට්ටමේ පසුවෙයි.

සුපිරි මෝටර් රථ ධාවන තරගයට පමණක් දෙවැනි වන ෆෝර්ඩ් ලේසර් සහ මැස්ඩා මෝටර් රථ තරග ඉසව්වෙන් කුෂාන් පිරීස් ප්‍රසාද ලකුණු 30ක් බැගින් ලබා පෙරමුණ ගෙන සිටින අතර සකීර් වහාබ් ප්‍රසාද ලකුණු 15ක් ලබාගෙන දෙවන ස්ථානයේ පසුවෙයි.

ඉමල් මංචනායක ප්‍රසාද ලකුණු 60ක් ලබා එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් තරග ඉසව්වෙන් පෙරමුණේ පසුවන අතර සචිර රාජකරුණා ප්‍රසාද ලකුණු 35ක් ලබා දෙවන ස්ථානයේ පසුවෙයි. ප්‍රසාද ලකුණු 30ක් ලබා සිටින දේශාන් සොලංකී තෙවැන්නා ලෙස එම ඉසව්ව නියෝජනය කරයි.

බුද්ධික කුසුන් සිල්වා ප්‍රසාද ලකුණු 28ක් ලබා එම්. එක්ස්. රේසිං කාණ්ඩයේ යතුරුපැදි තරග ඉසව්වෙන් ප්‍රථම ස්ථානයේ රැදී සිටින අතර ප්‍රසාද ලකුණු 18ක් ලබා සමීර ප්‍රේමරත්න දෙවන ස්ථානයේ පසුවෙයි.

අවුරුදු 12න් පහළ ජේ. කාණ්ඩයේ යතුරුපැදි තරග ඉසව්වෙන් ප්‍රසාද ලකුණු 22ක් ලබා හිරුෂ පාදුක්ක පෙරමුණේ පසුවන අතර අවුරුදු 15න් පහළ ජේ. කාණ්ඩයේ යතුරුපැදි තරග ඉසව්වෙන් ප්‍රසාද ලකුණු 22ක් ලබා ස්ටෙෆාන් ප්‍රනාන්දු පෙරමුණේ පසුවෙයි.

සියැට් - ස්ලඩා මෝටර් රථ හා යතුරුපැදි තරගමාලාවේ 2018 ශූරතා තරගාවලියට ඇතුලත් අවසන් බොරළු ධාවන පථයේ තරගාවලිය වන ගජබා තරගාවලියේ ප්‍රසාද ලකුණු මෝටර්ක්‍රොස් තරග ඉසව් වල අවසන් තීරණයට බලපැමක් වීමට ඉඩ තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();