Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රෝද පුටුවෙන් පිටිය ජයගත් දිරිය දියණිය නිරෝෂණි

පළාත් මට්ටමේ තරගාවලියකදි වුවද කිසියම් ජයග්‍රහණයක් ලබන ක්‍රීඩකයන් විශාල ලෙස ඇගයිමට ලක්වන අවස්ථා අද අප බොහෝ විට දැක ඇත්තෙමු.

එහෙත් පසුගියදා නිමාවට පත්වු සමස්ත ලංකා පැරා මලල ක්‍රිඩා තරගාවලියේදී මීටර් 100 සහ 200 රෝද පුටු (ගැහැණු තරගාවලියේදී) රන් පදක්කම් දෙකක්ම හිමිකර ගනිමින් ශූරතාවය දිනාගන පසුගිය 23 දා රාත්‍රියේ නිහඩව තම නිවස කරා ගිය නිරෝෂණි කුමාරි ද සොයිසා ක්‍රීඩිකාව සොයා අපි ඉඹුල්ගස්දෙනිය අසෝකගම බලා ගියෙමු. ඇය අපට විශේෂත්වයක් වුයේ ඇය උපතින්ම ආබාධිත අයෙක් ද වීමය.

කෑගල්ල පොල්ගහවෙල මාර්ගයේ කරදණ පාලම ලගින් දකුණට විහිදෙන මාවතේ කිලෝ මිටර් දෙකක් පමණ දුර ගෙවු විට හමුවන ඇය දැනට පදිංචි නිවසට අප ගොඩවන විටත් සිය දෙමාපියන් සමග සතුටින් කල් ගෙවමින් සිටි ඇය සුහද සිතින් අප පිළිගැනිමට පෙරට ආවේ ද ඇගේ සුපුරුදු රෝද පුටුවෙනි.

ඉඹුල්ගස්දෙනිය අසෝකගම පී.ඩි.ඉසෙඩ් සිරිවර්ධන හා ඩබ්ලිව් එම්.කරුණාවති මැණකේ යන දෙමාපිය යුවලට කුළුදුල් දරුවා ලෙසින් 1985 දී උපන් ඇය උපතින්ම ආබාධිත අයෙක් ද විය. මේ වන විට වයස අවුරුදු 33ක් වු ඇයගේ ආබාධිත තත්ත්වය හඳුනා ගත් දා සිටම, ඇය සුවපත් කරවා ගැනීමට එම දෙමවුපියන් දැරු වෙහෙස යම් තරමකට හෝ සනසාලන්නට ඇය මෙවර හිමිකරගත් ජයග්‍රහණය සමත් වුවා විය හැකිය.

විශේෂ අවශ්‍යථා ඇති දරුවන් වෙනුවෙන් වෙන්වු කෑගල්ල අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයෙන් අ .පො.ස. සාමාන්‍ය පෙළ ඉහලින්ම සමත්වු ඇය උසස් පෙළ ඉගෙනීම සදහා රංවල මහා විද්‍යාලයට ඇතුළත් වී ඇතත් පැවැති දුෂ්කරතා සහ අපහසුකම් හේතුවෙන් ඇගේ අධ්‍යාපනය කෙලවර වු බවද දෙමවුපියන් පැවසුවේ සුසුමක් හෙලමිණි. පසු කළකදි ඇයට හමුවු පැරා ක්‍රිඩා අංශයේ නාලණි රණසිංහ මහත්මියගේ මඟ පෙන්වීම මත ඇයට 2003 වසරේ සිට කොළඹ රිහැප් ලංකා ක්‍රීඩා සමාජයේ ට ඇතුළු වීමට වරම් ලබා තිබුණි. ඇය එදා සිට ගතවු වසර 15ක් තුළ මෙරට පැවැති ආබාධිතවූවන් සඳහා පැවැත්වු තරගාවලියන්ට සහභාගිව හිමිකරගත් ජයග්‍රහණද රාශියකි. නිරෝෂණි කුමාරි ද සොයිසා ක්‍රීඩිකාවට බාල සහෝදරයෙක් හා සහෝදරියන් දෙදෙනෙක් ද වෙති.

නිරෝෂණි කුමාරි ද සොයිසා ක්‍රිඩිකාව අපට එක්වෙමින් - මම පුහුණු විම් කටයුතු සිදුකරන්නේ ගම්පහ ශ්‍රී සංඝබෝධි සිරිමාවෝ බණ්ඩාරනායක ක්‍රීඩාංගණයේ. මට ගෙදර සිට උදේ-සවස යන්න එන්න බෑ. ඒ නිසා මම දැනට හැදල වත්තල ප්‍රදේශයේ නිවසක සිට ගම්පහ ක්‍රීඩාංගනයට ගොස් රෝහිත සර් ලඟ පුහුණු වීම් කරනවා. මගේ වියදම් පියවා ගැනීමට, මට මාසෙකට රුපියල් 250/- ක මහජන ආධාරයක් ද, හිටපු ජනාධිපතිතුමා මසකට රුපියල් 3000/- ක මුදලක් ප්‍රදානය කරනවා. එය මගේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවුවත් මට ලොකුම උපකාරයක්. ඒ හැර මට වෙනත් අනුග්‍රාහකයෙක් හමුවුනේ නෑ. මගේ දෙමාපියන්ටත් දැන් මගේ ක්‍රීඩා දිවිය වෙනුවෙන් තවදුරටත් වියදම් කිරීමට හැකියාවක්ද නෑ.

මම මේ වන විට බර ඉසිලීමේ ක්‍රීඩාවේද නියැලෙමින් සිටිනවා. ඒ නිසා මගේ ක්‍රීඩා දිවිය සාර්ථක කර ගැනීමට යම් උදවුවක් උපකාරයක් අවශ්‍ය මොහොතක මා දැන් සිටිනවා යයිද ඇය පැවසුවාය.

සබරගමුව සමුහ
ගාමිණි රම්‍යපාල

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();