Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ව්‍යවස්ථා රහස් ඒකාබද්ධයටත් ගිහිල්ලා.

mahinda-rajapaksa

නව ව්‍යවස්ථාව පිළිබඳ විශේෂඥයන්ගේ කමිටු වාර්තාවෙහි සඳහන් කරුණු එම වාර්තාව නිල වශයෙන් මෙහෙයුම් කමිටුවටත් භාරදීමට පෙර විශේෂඥ කමිටුවේ සමාජිකාවක විසින් ඒකාබද්ධ විපක්‍ෂයට ලබා දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කර සිටී. එසේ ඒකාබද්ධ විපක්ෂයට එම කරුණු ලබාදීම සඳහා කටයුතු කර ඇත්තේ  විශේෂඥන්ගේ කමිටුවට ඒකාබද්ධ විපක්‍ෂය විසින් යෝජනා කරන ලද නීතිඥවරියක විසින් බවත් සඳහන් වේ.

අගෝස්තු 07 වෙනිදා හිටපු ජනපතිගේ නිල නිවසෙහි පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ සාකච්ඡාවේදී විශේෂඥ කමිටු වාර්තාවෙහි ඇති කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇති බවත් එම කරුණු රටේ ඒකීයභාවයට හානිවන කරුණු ලෙස ගෙන ප්‍රචාරය කිරීමට එහිදී සැලසුම් සකස් කොට ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කර තිබේ. එමෙන්ම අගෝස්තු 08 වෙනිදා විශේෂඥ කමිටු වාර්තාව නිල වශයෙන් මෙහෙයුම් කමිටුවෙහි සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර තිබුණු අතර ඒ පිළිබඳව මෙහෙයුම් කමිටුව එදින පාර්ලිමේන්තුවේදී සකච්ඡා කර ඇත.

විශේෂඥ කමිටු වාර්තාව පිළිබඳව එක් මතයකට පැමිණ එක් වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර සමාජිකයින් තිදෙනෙකු පමණක් කරුණු කීපයක් පිළිබඳව වෙනස් මත දක්වා ඇති අතර එම කරුණුද වර්තාවටම එකතු කර ඇතැයිද පැවසේ.

The post ව්‍යවස්ථා රහස් ඒකාබද්ධයටත් ගිහිල්ලා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();