Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක කුසලාන කැරම් තරගාවලිය 24දා කොරියාවේදී ඇරැඹේ

Author(s): 
ගීෂා මුණසිංහ

මේ වසරේ ලෝක කුසලාන කැරම් තරගාවලියේදී අභියෝගයක්ව ඇති ඉන්දියාව පරාජය කොට කැරම් ලෝක කුසලානය රැගෙන එම තම එකම අභිප්‍රාය යැයි ශ්‍රී ලංකා පිලේ නායක චමිල් කුරේ පවසයි. කොරියාවේ චුන්වෝන් හිදී පස්වැනි වරට පැවත්වෙන නියමිත ලෝක කුසලාන කැරම් තරගාවලිය මේ මස 24 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙයි.

කොරියානු කැරම් සම්මේලනයේ සත්කාරත්වයෙන් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙකක් සහාභාගී කරවීමට ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ඉල්ලීමට ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා මහතාගේ අවසරය හිමිව ඇත.

2014 වසරේදී මාලදිවයිනේ පැවැති ‘ස්විස් ලීග්’ ලෝක කැරම් ශූරතාවද දිනා ගනිමින් දෙවතාවක් ලීග් කැරම් ශූරතාවට හිමිකම් කියන කැරම් ජාතික ශූර චමිල් කුරේට පිරිමි කණ්ඩායමේ නායකත්වය හිමිව ඇති අතර කාන්තා කණ්ඩායමේ නායකත්වය ගුවන් හමුදාවේ යසිකා රාහුබද්ධට හිමිව ඇත.

‘ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ නිශාන්ත ප්‍රනාන්දු, කොළඹ රාජකීය විද්‍යාලයේ මොහොමඩ් ෂහීඩ් හිල්ම්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උදේශ් චන්දිම පෙරේරා මා සමග ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක කුසලාන තරගාවලියේ පිරිමි කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා. අප සැවෝම සිටින්නේ ඉතාමත් හොඳ මානසිකත්වයක. පසුගිය වසරේදී ලෝක කුසලාන තරගාවලියට සහාභාගී වු ක්‍රීඩකයන් දෙදෙනෙකු අත්දැකීම් සමග අප සමග සිටිනවා. ඒ නිශාන්ත ප්‍රනාන්දු හා ෂහිඩ් හිල්ම්, මා ද පසුගිය ලෝක කුසලානය නියෝජනය කළා. එම තරගාවලියේදී අපට අතපසුවු තැන් සකසා ගනිමින් මේ දිනවල පුහුණු විම් කරමින් තරගාවලිය ජයගැනීමට සැලැසුම් සකස් කරමින් පුහුණුවීම්වල නිරත වනවා. ආසියානු රටවල් 8ක් ඇතුලුව රටවල් 20ක් පමණ මේ වසරේ ලෝක කුසලාන තරගවලිය නියෝජනය කිරීමට එක්ව සිටිනවා. ඒ අතර යුරෝපා රටවල්12ක් ද සිටිනවා. ඉන්දියාව තමයි අපට ඇති එකම අභියෝගය.

නමුත් ඉන්දියාව පරාජය කොට ජය මාවත පිවිසීමේ හැකියාව මේ වසරේදී අපට තියෙනවා. ඉන්දියාව තමයි ලෝක කුසලානය පසුගිය වසරේදී දිනා ගත්තේ. අපට හිමි වුයේ අනුශුරතාවයයි. මේ වසරේ ශ්‍රේණිගත කිරීම්වල අංක 01 සිටින අප කණ්ඩායමට හැකියාව තිබෙනවා ඉන්දියාව පරාජය කොට ලංකාවට ලෝක කුසලානය රැගෙන ඒමට. මෙවර තරගාවලියට අලුත්ම කැරම් බෝඩ් එකක් හදුන්වා දී තිබෙනවා “සින්කෝ පැලැටිනම්” කියා. අප මීට පෙර පුහුණු වීම් කළේ “සින්කෝ ජීනීයස්” නැමැති කැරම් බොඩ් එකේ. අප කණ්ඩායමටද තරගාවලියට සූදානම් වීම සඳහා වත්මන් ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති පරාක්‍රම බස්නායක මහතාගේ උපදෙස් මත සින්කෝ පැලැටිනම් කැරම් බෝඩ් දෙකක් ලබාදුන්නා. මේ වන විට අප පුහුණුවීම් වල නිරතව සිටින්නේ ඒ කැරම් බෝඩ්වලයි. ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා ඇමැතිතුමා අප වෙත විශේෂ අනුග්‍රාහකත්ව ලබාදී තිබෙනවා.ලෝක ශූර නිශාන්ත ප්‍රනාන්දු ඇතුලු කණ්ඩායම ගැන මට විශාල විශ්වාසයක් තිබෙනවා. අපට කළ හැකි උපරිමයෙන් තරග කර ලංකාවේ සිංහ ධජය ලොව හමුවේ මුදුනට ගෙන ඒමයි අප කණ්ඩායමේ බලාපොරොත්තුව.‘ චමිල් කුරේ කීවේය.

මේ අතර කාන්තා කණ්ඩායම් නායිකා යසිකා රාහුබද්ධ පවසා සිටියේ තම කණ්ඩායමේ සුදානම ඉතා යහපත් බවය.

‘කාන්තා කැරම් ශ්‍රේණිගත කිරීම්වල අංක 01 සිට පහළට සිටින සිව්දෙනා තමයි කණ්ඩායමක් ලෙස තරගාවලිය නියෝජනය කරන්නේ. මා ‍ඒ ගැන සැහිමකට පත්වනවා. පසුගිය ජුලි මාසයේ සිට පුහුණුවීම් වල නිරත වෙනවා. දැනට මාසයකට වැඩි කාලයක් ජිවිතයම කැරම් තමයි. ගෙදර ගියත් කැරම් තමයි. පුහුණුවිම් වල නිරත වෙමින් තරගාවලියට එක් වීමට සුදානමින් අප සිව් දෙනාම පුද්ගලික ජිවිත පවා පසෙක තබා කැපවීමෙන් පුහුණුවීම් වල නිතර වෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජෝශප් රොසිටා, ශ්‍රී ලංකා ගුවන් හමුදා‍වේ චලනි ලක්මාලි ලියනගේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ මධුකා දිල්ශානි ක්‍රීඩිකාවන් තමයි මගේ සෙසු ක්‍රීඩිකාවන්. ඔවුන් ජාතික ශ්‍රේණිගත කිරීමවල එකේ සිට පහළට සිටින ක්‍රීඩිකාවන්.

ඔවුන්ද මේ දිනවල සියලු වැඩ කටයුතු පසෙක තබා පුහුණුවීම් වල නිරතව සිටිනවා. ඉන්දියාව තමයි අපට හැම තරගාවලියකදී අවසන් වටයට හමුවෙලා තියෙන්නේ. ඉතාමත් සුලු අතපසුවීම් වලින් තමයි අප ගියවර පරාජය වුණේ. මෙවර ඒ අතපසුවීම් සියල්ල හොඳින් අවබෝධ කරගෙන තරගාවලියට එක් වී තරගාවලිය ජයගෙන ලෝක කුසලානය අත්කර ගැනීම තමයි අපගේ ඒකායන බලාපොරොත්තුව. මම රැකියාව කරන්නේ ගුවන් හමුදාවේ. මා සමග චලනි ලක්මාලිද සේවය කරනවා. අප දෙදෙනාට වෙනම පුහුණුවීම සඳහා ගුවන් හමුදාවේ තැනක් වෙන් කර දී තිබේනවා. අප දෙදෙනාව දැනට මාසයක සිට සේවයෙන් නිදහස් කරලයි සිටින්නේ. අප දෙදෙනාටම ගුවන් හමුදාපතිතුමා ඇතුලු ඉහළ නිලධාරීන් සියලු දෙනාගේම ආශීර්වාදය තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කැරම් සම්මේලනයද අපගේ අවශ්‍යතාවයන් සපුරාලමින් පුහුණුවීම් වලදි අවශ්‍ය දැ නිසි ලෙස සපුරමින් අපව දිරිගන්වනවා. ‘යැයි ශ්‍රී ලංකා කාන්තා කැරම් කණ්ඩායමේ නායිකා යසිකා රාහුබද්ධ කියා සිටියාය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();