පොහොට්ටුවෙන් රජය පෙරලන්න සැලසුමක් ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ. හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ,
“පළාත් සභා ජන්දය ගන්න තමයි සෑම උත්සාහයක්ම ගන්නේ. මොකද ජන්දය ප්‍රමාද කරනවා. මොන පෙරළිය කරත් රජය පෙරලන්න තමයි අපි බලාගෙන ඉන්නේ. පොහොට්ටුවෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. දිනන ලකුණ පොහොට්ටුව ඉතින්.” යැයි පවසා ඇත.
The post පොහොට්ටුවෙන් රජය පෙරලන්න බැසිල් සැරසෙයි. appeared first on Lanka News Column.
0 Comments